Colombo Today Local News

රිෂාඩ් බදුයුදීන් එල්ල කල මරණ තර්ජනය ගැන සහකාර අධිකාරීවරයෙකු යොදවා වෙනම පරීක්ෂණයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සහකාර අධිකාරීවරයෙකු යොදවා පරීක්ෂණයක් සිදුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව මේ වනවිට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින අතර එහි රෝගීන් පරීක්ෂා කරන බෙහෙත් ශාලාව තුළදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ,

“බන්ධනාගාරයේ රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මහතා විසින් රාජකාරියට බාධා කිරීම, අපහාසාත්මකව බැණවැදීම සහ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධව බන්ධනාගාර වෛද්‍යවරයෙකු විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාටත් පොලිස්පතිතුමාටත් වෛද්‍ය අධ්‍යක්ෂකතුමාටත් පැමිණිලි කරලා තියෙනවා. අදාළ මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝගීන් සඳහා බෙහෙත් ලබාදෙන ස්ථානයට පැමිණ බන්ධනාගාර වෛද්‍යවරයා සමග යම් කතාවක් ඇතිකරගෙන එහිදී බන්ධනාගාර වෛද්‍යවරයාට අපහාසාත්මක ලෙස බැණවැදිලා මරණ තර්ජන එල්ලකරලා තියෙනවා. මේ සම්බන්ධව පොලීසිය මගින් ද පරීක්ෂණයක් කරනවා.”

Related posts

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන නැව් තුනක් මේ සතියේදී දිවයිනට

colombotoday

වකුගඩු ජාවාරම්කරුවෙක් රට පනින්න යද්දී මාට්ටු

Admin

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday