Colombo Today Local News

ලියාපදිංචි නොකල පිළිකා බෙහෙත් රටතුළ. – බළධාරීන් නිහඩයි!

⁣ෙඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකල පිළිකා රෝගීන් සදහා භාවිතා කරන ⁣⁣ෙඖෂධ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

මෙරටට ආනයනය කරනු ලබන ඕනෑම ⁣⁣ෙඖෂධයක් ⁣ෙඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කිරීම අනිවාර්යය වුවද මෙම ජාවාරම් කරුවන් කිසිදු ලියාපදිංචියක් නොමැතිව එම බෙහෙත් රෝගීන්ට අලෙවි කිරීම පිළිබදව තම සංවිධානයට පසුගිය කාලයේ තොරතුරු ලැබුණු බවත්, මේ පිළිබදව සොයා බැලීමේදී මෙම ජාවාරම පිළිබදව සියලු තොරතුරු සොයාගත් බව ඒ මහතා පැවසීය.

ඉදිරි සතියේදී අදාල අංශවලට එම තොරතුරු ලබාදීමට තමන් කටයුතු කරන බවත්, නිළධාරීන්ට අල්ලස් ලබාදීම නිසා ඔවුන් මේ පිළිබදව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් රංජිත් විතානගේ මහතා Colombo Today වෙත අදහස් දක්වමින් පැවසීය.

Related posts

සා /පෙළ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුල

colombotoday

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

ගෝඨාට එරෙහි නඩුව මුක්තිය මත ඉවත දමන්න කැලිෆෝනියා අධිකරණයට ඉල්ලීමක්

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday

අපි ඒකීය ලංකාවකට එකග නෑ.. ව්‍යවස්ථා අතුරු වාර්තාවේ ඇත්තේ අපේ අදහසයි – TNA

colombotoday

සාමාන්‍ය පෙළ ලියූ 527කගේ ප්‍රතිඵල අත්හිටුවයි

colombotoday