Colombo Today Local News

“අමාත්‍යාංශ 02 ක වැය ශිර්ෂ පරාදවීමේ වගකීම රජය බාරගත යුතුයි. සැළසුම් සහගත ක්‍රියාවක් නොවෙයි.” – ඇමැති රාජිත සේනාරත්න

අයවැය කාරක සභා විවාදයේ දී අමාත්‍යාංශ 02 ක වැය ශිර්ෂ පරාදවීමේ වගකීම ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාම බාරගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (02) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “අයවැය අප්‍රේල් මස 31 දින දක්වා බල පැවැත්වෙනවා. එම නිසා අප්‍රේල් මස 31 දාට ප්‍රථම එම අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ සම්මත කර ගැනීමෙන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. වැය ශිර්ෂ දෙක පරාදවීමේ වගකීම රජයේ සියලු දෙනාම බාරගත යුතුයි. අයවැය ඡන්දයකට සුදානම්ව සිටිය යුතුයි. හැබැයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය නම් ඡන්දයක් අවශ්‍ය නම් එදින පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමේ දී ඉල්ලීම ඉදිරිපත් කළ යුතුයි. එය සාමාන්‍ය සම්ප්‍රධායයි. නමුත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන අවස්ථාවක දී ඡන්දයක් ඉල්ලුවහොත් එයත් ලබාදිය යුතුයි. මෙම අමාත්‍යාංශ දෙකේ වැය ශිර්ෂ පරාදවීම සැළසුම් සහගත ක්‍රියාවක් නොවෙයි. ඇතැම් අමාත්‍යාංශවල වැය ශිර්ෂ විවාද වල දී අමාත්‍යවරුන් නොසිටි බවට ද චෝදනා එල්ල වෙනවා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂ විවාදය අවසන් වන තුරු මම සභා ගැබේ රැදී සිටියා. ඒ ගැන විපක්ෂය පවා ස්තූතිය පුද කළා.”

Related posts

අපි යන්නෙත් පහුගිය ආණ්ඩුව ගිය පාරෙමයි

Admin

අද රන්ජන් ට අධිකරණයෙන් ලැබුණු නියෝගය

colombotoday

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ලංකාව ඇතුලේ

Admin

හර්ෂ අනුරට සුබ පතයි

Admin

ඉන්දියාවෙන් පැන ආ තවත් අයෙක් මුල්ලියාවේලි දී සොයාගනී

colombotoday