Colombo Today Local News

වූහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට ජනපතිගෙන් හරසර !

මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වූ චීනයේ වූහාන් නගරයේ සිරවී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා රැගෙන ඒම සදහා ස්වෙච්ඡාවේන්ම ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එම කාර්යමණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ස්තූතිය පලකර ඇත.

කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක්ව ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවෝ, ඉංජිනේරුවෝ හා කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලයම වුබිම වෙනුවෙන්  කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. 

ඔවුන් ගත් අවදානම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බව ඒ මහතා සඳහන් කර තිබේ.

Related posts

ලොකු පුටු ඉල්ලන ඇවිද ගන්නවත් බැරි කොර ගහන අය විශ්‍රාම ගත යුතුයි..

colombotoday

“ආරක්ෂක තත්ත්වය අන්තිමයි.. යහපාලනය එන්න කළින් හමුදාව ශක්තිමත්, දැන් දුර්වලයි, හදිසි යුද්ධයක් ආවොත් අපි ඉවරයි” – ෆොන්සේකා අනතුරු අගවයි

colombotoday

බාල වානේ කම්බි වෙළදපොළේ – සාදර අනුග්‍රහය පාරිභෝගික අධිකාරියෙන්

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Admin

ශ්‍රී ලංකාව අයි.එස්. මෙහෙයුම් ක්‍රියාත්මක රාජ්‍යයක් වෙයි.

colombotoday

කුඩු සලිදුත් රටින් පැනලා?

Admin