Colombo Today Local Newsfeatured

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන් හා ජාත්‍යන්තර සමාගමක් එක්ව කරගෙන ගිය පී.සී.ආර්. ජාවාරමේ ටෙන්ඩර් මගඩි ඇතුළු සැඟවුණු රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධව හතළිහකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවය.

එම පිරිසට වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරින්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ද අයත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇති රුපියල් දෙදෙහසට මිලදී ගත හැකි පී.සී.ආර්. කට්ටල තිබියදී රුපියල් හාරදහසක් ගෙවා ජර්මානු සමාගමකින් පී.සී.ආර්. කට්ටල මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබිණි.

දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පනස්දහසක් කළ යුතු බවට රජයට යෝජනා කරමින් මෙම ජාවාරමේ නිරත වූවන් මහා පරිමාණ ගසා කෑමකට සූදානම් වී ඇතැයි හෙළිවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර කෙරිණි.

ගතවූ සති අන්තය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගිය අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 720කට වැඩි මුදලක් වියදම් කර තිබිණි.

දිනකට පරීක්ෂණ 5000 කරන්න බලපෑම් කරලා

පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු කියා සිටියේ දැනටමත් මේ සම්බන්ධව හතළිහකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බවය.

එම පිරිසට වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරින්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ද අයත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇති රුපියල් දෙදහසට මිලදී ගත හැකි පී.සී.ආර්. කට්ටල තිබියදී රුපියල් හාරදහසක් ගෙවා ජර්මානු සමාගමකින් පී.සී.ආර්. කට්ටල මිලදී ගෙන ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබිණි. දිනකට පී.සී.ආර්. පරීක්ෂණ පනස්දහසක් කළ යුතු බවට රජයට යෝජනා කරමින් මෙම ජාවාරමේ නිරත වූවන් මහා පරිමාණ ගසා කෑමකට සූදානම් වී ඇතැයි හෙළිවීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර කෙරිණි.

ගතවූ සති අන්තය වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගිය අතර ඒ සඳහා රජය රුපියල් කෝටි 720කට වැඩි මුදලක් වියදම් කර තිබිණි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

Related posts

දිවි නහගන්න ළිඳට පැන්න ගැබිනියක් ළිඳ තුළම දරුවා බිහිකරයි | බිළිඳා මිය යයි

colombotoday

බඹරකැලේ නිවසක ගෑස් ලිපක් පිපිරෙයි

colombotoday

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

කිසිම වාහනයක අවභාවිතා වෙලා නෑ ජනාධිපති ලේකම් කියයි

Admin

විසුරුවා හැරිය පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනපතිට බලයක් නෑ.

colombotoday

ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමට අලුත් නීති ගේන්නේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවයි

Admin