Colombo Today Local News

පානදුර රෝහල් මෘත ශරීර ගොඩ ගැසේ. – නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක්.

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .

මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැම්පත් කර තැබිය හැකි මළ සිරුර ප්‍රමාණය 12 ක් පමණක් බවත් අනෙක් සියලුම මළසිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වයිරසයෙන් මිය ගිය මළ සිරුරු 22 ක්, නාඳුනන මළ සිරුරු 5 ක් අනෙකුත් මළසිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළසිරුරු නරක් වීමෙන් මෙම දුර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ඇත.

කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවද ඔහුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායන ට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගැනීමට ප්‍රධානම හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳ පානදුර මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩ ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය ගෙන් විමසීමේ දී මෙසේ පැවසුවාය

“කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා දැනුම් දී තිබෙනවා .ආදාහනාගාර පැය 24 පුරාම විවෘත කර ඇති බැවින් මෘත ශරීරාගාරවල තැන්පත් කර තිබෙන මළසිරුරු ආදාහනය කිරීමට කටයුතු සිදු කරන්න කියලා.”

Related posts

රජය සහල් මාෆියාවට ඉඩ දී කරවල මිළ පාලනය කරයි.. “හාල් මිළ පාලනය නොකලේ සහෝදර ප්‍රේමය උතුරා ගිය නිසාද? – ජනපතිගෙන් විමසයි

colombotoday

උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට

colombotoday

කොමිෂන් සභා වාර්තාව අසම්පුර්නයි. කලු ඉරිදා විරෝධයට එක්වෙමින් කාදිනල් තුමා කියයි

colombotoday

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන් – මහින්ද රාජපක්ෂ කියයි.

colombotoday

සැබෑ දේශපාලනඥයා කවුරුන්දැයි ජනතාව දැන් දන්නවා – ජනපති

colombotoday

කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

colombotoday