Colombo Today Local News

එක රටක් එක නීතියක් බලකාය රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකරයි.

“එක රටක් එක නීතියක්” සඳහා වූ කාර්ය සාධක බලකායේ සාමාජිකයන් රජයේ කිසිදු මුදලක් භාවිතා නොකරන බව වාර්තා වෙනවා.

පසුගිය දා බොදු බල සේනා සංවිධානය විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක ඒ බව සඳහන් කර ඇත.

“කාර්ය සාධක බලකාය ජනාධිපතිවරයා විසින් පත්කිරීමෙන් අනතුරුව රැස්වූ පළමු අවස්ථාවේදීම සභාපති ලෙස ගලගොඩඅත්තේ හිමියෝ යෝජනාවක් කරමින් මෙම උතුම් අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ ප්‍රතිපාදන ලෙස ජනතා මුදල් කිසිවක් භාවිතා නොකළ යුතු බවට යෝජනාවක් සිදුකරන ලදි. අනෙකුත් සාමාජිකයෝ සියලු දෙනා ඒකමතිකව එය අනුමත කිරීමෙන් අනතුරුව කාර්ය සාධක බලකායේ සභාපති හිමියන් හෝ සාමාජිකයින් කිසිවෙක් රජයෙන් දීමනාවක්, යාන වාහන, ඉන්දන දීමනා ද ඇතුළුව කිසිදු දීමනාවක් ලබා ගන්නේ නැත. රජය විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලබා දී ඇති කාර්යාල පරිශ්‍රය පමණක් කාර්ය සාධක බලකායේ කාර්යාලය ලෙස භාවිතා කරනු ලබයි. කාර්ය සාධක බලකායේ සියලු දෙනා තම කාලය, පුද්ගලික ධනය භාවිතා කරමින් සිදුකෙරෙන මෙම ස්වේච්ඡා සේවය අගය කල යුතුය.”

Related posts

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

Admin

ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයා දිවයිනට

colombotoday

2017 දුගීබව නැති කිරීමේ වසර ලෙස නම් කරයි.. ජනපති යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday