Colombo Today Local News

NTJ සහ JMI තහනම් ගැසට්ටුව තාම නෑ… සමාජ ජාලා බ්ලොක්, ජනපති රට යයි….

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නොමැති බව වාර්තා වේ.

ජාතික තවුහීද් ජමාත් සංවිධානය (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි(JMI) සංවිධාන තහනම් කිරීමට කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර මේ වන විට සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවී ඇති අතර, අදට දින 16ක් ගතවී තිබේ.

මේ අතර ඊයේ දිනයේ හලාවත සහ කුලියාපිටිය, බිංගිරිය යන ප්‍රදේශවල ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් සමාජ ජාලාවලට පිවිරීම අවහිර කිරීමට රජය කටයුතු කර තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සමාජ ජාලා මෙලෙස අවහිර කළේ තුන්වන වරටය.

මේ අතර නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද චීනය බලා පිටත්ව ගොස් ඇත.

Related posts

වෙළෙඳසැළක ගෝනියක් ඇතුළේ කාන්තා මළ සිරුරක්

colombotoday

දේශීය ආරක්ෂක අංශ හා චීන කම්කරුවන් අතර ගැටුමක්.. චීන්නු දෙන්නෙක් රෝහලේ

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

කසල ගොඩක තිබූ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

colombotoday

මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ

colombotoday

මන්ත්‍රී සාරතී දුෂ්මන්තට-බිරිඳට කොරෝනා

colombotoday