Colombo Today Local NewsCovid 19

කොරෝනා වැළඳුනු අකුරණ නිස්තාර්ගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාටත් රෝග ලක්ෂණ.

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට ඊයේ තහවුරු වූ අකුරුණ එම්. නිස්තාර් නැමැත්තාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මහනුවර රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔවුහු මේ වන විට කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව යන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බැවින් ඔවුන් දැඩි පරීක්ෂාවට ලක් කොට ඇති බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වන විට වයිරසය පැතිරීමේ තරමක අවධානම් ස්වභාවයක් පවතින බැවින් , ඊට ගොදුරුව ඇති බවට සැකයක් පවතින කිසියම් පුද්ගලයකු සිටින බව දැනගත් විගස පොලීසියට හෝ ළඟම ඇති රෝහලට වහා දන්වන්නැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

නිස්තාර් නැමැත්තා ඉකුත් දින කිහිපය තුල ඇසුරු කළ සියළුම පුද්ගලයින් ජීවිත අවධානම පිළිබදව අවධානය යොමු කොට වහාම ස්වයං නිරෝධායනයට යොමු වීමට හෝ වහා රෝහල වෙත යොමුවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය සමන් රත්නායක මහතා දැනුම් දීමක් කළේය.

Related posts

Facebook අසභ්‍ය පාටියේදී ඇල්ලූ 11 දෙනකුට ඇප

colombotoday

නිහඩ ආක්‍රමණයෙන් අනුරාධපුරය මුස්ලිම්කරණයට

colombotoday

හෝමාගම කර්මාන්ත ශාලාවේ දුමාරයෙන් ජනතාවට ස්වසන අපහසුතා

Admin

විදුලි මාෆියාව ක්‍රියාත්මක කරන්නේ දියවන්නාවෙන්. වගකීමෙන් කියනවා – ඩලස්

colombotoday

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික නාලක එදිරිසිංහ අත්අඩංගුවට

colombotoday