Colombo Today Local News

NGO බත් බැලයන්ගේ නව ව්‍යවස්ථාවට අපි යට වෙන්නේ නෑ – බොදු බලෙන් විකල්ප ව්‍යවස්ථාවක් හදයි

bbs22බටහිර රටවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන ගැත්තන් විසින් සකසන රටට අහිතකර ව්‍යවස්ථාවක් වෙනුවට රටට ජාතියට හිතකර යෝජනා සහිත විකල්ප ව්‍යවස්ථාවක් ඉදිරි දින කිහිපය තුළදී ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා. එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රජය විසින් යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව colombotodayසමග අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවසූවා.

“බටහිර රටවල්වලින් යැපෙන NGO බත්බැලයන් විසින් සකසන රටට අහිතකර නව ව්‍යවස්ථාව වෙනුවට මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනගපු ජාතියට හිතකර වන සේ වගේම මේ රටේ සංස්කෘතික හර පද්දතින්වලට අනුකුලවන සේ විකල්ප ව්‍යවස්ථාවක් අපි ඉදිරි දින කීපය තුල රටේ ජනතාවට ඉදිරිපත් කිරීම සදහා කටයුතු කරනවා. ඒ සදහා ආචාර්යවරු වගේම රාජ්‍ය පරිපාලන සේවයේ ඉහල තනතුරු දරා ඇති නිලදාරීන්,නීතිවේදීන් ඇතුළු බොදු බල සේනා බුද්ධි මණ්ඩලය ඊයේ සිට කටයුතු ඇරඹනු ලැබුවා. ඒ වගේම යහපලනයයි කියාගෙන මේ රටේ උරුමක්කාරයින්ට සිදු කරන අකටයුතුකම් පිලිබදව දැනුවත් කරමින් ඉදිරියේදී අපි ගමින් ගමට යනවා අපේ විකල්ප ව්‍යවස්ථාවත් රැගෙන.

Related posts

බාල දැරියන් විවාහයට ඉල්ලා “තව්හීද් ජමාත්“ කොටුව දෙවනත් කරයි.. සංඝරත්නයටත් තිත්ත කතාවෙන් බැණවදී

colombotoday

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පනත ඉවත් කරනු.. රටවල් හතරක් ජිනීවා කවුන්සිලයෙන් ඉල්ලයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්

Admin

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

වන්නි මෙහෙයුමේ සෙන්පතියන් විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්…

colombotoday