SLT සහ Mobitel ජාල හරහා nethnews.lk සහ nethgossip.lk යන වෙබ් අඩවි වෙත පිවිසීම අවහිර කර ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. ඊයේ (26) පස්වරුවේ සිට මෙම වෙබ් අඩවි මෙලෙස අවහිර කර ඇති අතර මේ සම්බන්ධයෙන් විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවෙන් (TRCSL) වෙතින් කළ විමසීමකදී එහි නිළධාරියෙකු ප්රකාශ කර ඇත්තේ එම ආයතය මේ පිළිබඳව දැනුවත් වී නොමැති බවයි.
එසේම මේ සම්බන්ධයෙන් Sri Lanka telecom ආයතනයෙන්ද nethnews.lk විමසීමක් කර ඇති අතර එම ආයතනය මේ සම්බන්ධයෙන් තවමත් ප්රතිචාරයක් දක්වා නැහැ.