Colombo Today Local News

පරාජිත අපේක්ෂකයෙකු ඩෝසර් අරං රක්ෂිතයට පැනලා. | ආධාර කරුවන් සහ යන්ත්‍රෝපකරණ අත් අඩංගුවට

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා තම වාසියකට පෙරලා රාජ්‍ය නිළධාරීන් නොමඟ යවමින් මැදවච්චිය ප්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයකු තම පුද්ගලික ගල් වලක් සදහා යාමට රජයේ රක්ෂිතය තම ආධාර කරුවන් යොදා එළි කරමින් සිටියදී එහි ආධාර කරුවන් සහ යන්ත්‍රෝපකරණ අත් අඩංගුවට ගත් බව මැදවච්චිය අඩවි වන නිළධාරී කාර්යාලය කියයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ මන්නාරම් පාර, මැදවච්චිය පදිංචි ඩී.මධුසංඛ නැමැති තරුණයකි.

ඩබ්.එම්.පී දමිත් නෙවන් නැමැති ප්‍රාදේශීය සභා පරාජිත දේශපාලන අපේක්ෂකයා මීට පෙර මැදවච්චිය වල්පොළ රජයේ කැළයට යාබඳව පුද්ගලික ගල් වලකට අවසර පත්‍ර ලබා ගෙන ඇති බවත්, එය ලබා ගත් ආකාරය ගම්වාසීන් විමසු විට රජයේ විවිධ නිළධාරීන්ගේ නම් ප්‍රකාශ කර ඇති බවත්, මැදවච්චිය දාඹූවැව, කුඩාගම ගම්වාසිහු පැවසුහ.

ඒ පිළිබඳ ගම්වාසීන් පෙරේදා (29) දින විරෝධයක්ද පලකර ඇත. ඒ අනුව එම ස්ථානයට පැමිණි සෙට්ටිකුලම පොළිස් විශේෂ කාර්යය බලකා වැටලීම් නිළධාරීන්, මැදවච්චිය අඩවි වන කාර්යාල නිලධාරීන් සහ මැදවච්චිය පොළිස් නිළධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

එම අවස්ථාව වන විටද මෙම පුද්ගලයාගේ ආධාර කරුවන් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් වසර 40 කට 50 කට ආසන්න දැවැන්ත රූස්ස ගස් සහිත රජයේ රක්ෂිත කැළය, අඩි 18 කට ආසන්න ප්‍රමාණයක් මාර්ගයක් ලෙස භාවිතා කිරීමට එළිකරමින් සිට ඇත.

ගම්වාසීහු වැඩිදුරටත් පවසා සිටින්නේ මෙම ගල් වලද මොහු දේශපාලන බලපෑම් රජයේ නිළධාරීන් හට එල්ල කරමින් අක්‍රමික ලෙස ලබා ගෙන ඇති බවයි. ඒ පිළිබද පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද, එසේ නොකරන්නේ නම් ඉදිරියේදීද ගම්වාසීන් විරෝධතාවයක් පවත්වන බවද ගම්වාසීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අත් අඩංගුවට ගෙන ඇති බැකෝ යන්ත්‍රය සහ පුද්ගලයින් ඉදිරියේදී මැදවච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මැදවච්චිය අඩවි වන නිළධාරී කාර්යාලය පවසයි.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

ඉවසලා ඉවසලා බැරිම තැන මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ නැවතත් හඩ අවදි කරයි !

colombotoday

මන්ත්‍රීවරුන්ට පොලිස් පිරවුම්හලෙන් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ශ්‍රී ලාංකිකයන්ට ඇමරිකාවේ නිදහස් වීසා : විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක් !

colombotoday

පල්ලියකට ඉඩම දෙන්න බුදු පිළිමයක් ඉවත් කරන්න යයි.. ගෙලිඔය කලුගමුවේ කලබලයක් !

colombotoday

“උ/නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංපාලනයක් අපට ඕනෑ” – විග්නේශ්වරන්

colombotoday

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday