Colombo Today Local News

MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් කරන්නේ නෑ- විමල්

මතභේදයට තුඩු දී ඇති MCC ගිවිසුම ආණ්ඩුව අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ඊයේ පස්වරුවේ මහා සංඝ රත්නය ඉදිරිපිට හෘද සාක්ෂියේ සමාජ ගිවිසුම හෙවත් එකුන් විසි ප්‍රතිඥාව ලබා දීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය විමල් වීරවංශ මහතා බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයට පැමිණ මහා සංඝරත්නයේ සුවදුක් විමසා බැලුවේය.

අනතුරුව විමල් වීරවංශ මහතා එකුන් විසි ප්‍රතිඥාව හෙවත් හෘද සාක්ෂියේ සමාජ ගිවිසුම නමින් කරුණු 19 කින් සමන්විත ප්‍රතිඥාව මහා සංඝ රත්නය ඉදිරියේ ලබා දුන්නේය.

Related posts

ඩ්‍රැකියුලා හාමතේ තබමු… 7 වෙනකන් අල්ලන් ඉමු !!

colombotoday

බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..

Admin

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

colombotoday

ජනපති අගමැති සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

colombotoday

පොහොට්ටුවේ නායකයා මහින්දයි – ජී.එල්. කියයි

colombotoday

කෝටි ගණනක් වටිනා ගංජා හේන් 3ක් වටලයි

colombotoday