Colombo Today Local News

මංගලගේ බොදු විරෝධය ගැන ජනපතිට පැමිණිලි.. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැලවෙයි…

හෙට දිනයේ සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගල සමරවීර මහතාගෙන් ඉවත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

ඊයේ 29 බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයේ අටවිසි බුද්ධ පූජාවේ සජීවී විකාශය අතරමග අත්හිටුවීමට කටයුතු කිරීම පිළිබදව ජනමාධ්‍ය ඇමති මංගල සමරවීරට එරෙහිව ජනාධිපතිවරයාට පැමිණිළි ලැබී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ඇමතිවරයාගේ ක්‍රියාකාලාපය අසා ජනාධිපතිවරයාද දැඩි ලෙස නොසතුට පළකර ඇති අතර ජනාධිපති කාර්යාල උසස් නිලධාරීන් සමග ප්‍රකාශ කර ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශය මංගල සමරවීර මහතාගෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ජාතික රූපවාහිනියේ විකාශය වූ අදාල සජීවී විකාශය අත්හිටුවන අවස්ථාවේ ධර්ම දේශනය පවත්වමින් සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ය. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අමතා මංගල සමරවීර ඇමතිවරයා සිදුකළ නොමනා ක්‍රියාව පිළිබද සිය කණගාටුව ප්‍රකාශ කර ඇති බවද පැවසේ.

Related posts

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක්

Admin

කොළොන්නාවේ ප්‍රබල කාන්තා චරිතයක් රනිල් සමඟ රහස් සාකච්ඡාවක?

Admin

පළාත්සභා මන්ත්‍රී හා බිරිද පුද්ගලයෙකුට බිම දමාගෙන පහරදෙයි.. මහපාරේ පිස්තෝලය අරන් යකා නටයි [Video]

colombotoday

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday

හිටපු ඇමති සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අද රෑ සිට ලංගම බස් ගාස්තු අඩු කරයි…

colombotoday