Colombo Today Local News

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 35 ක් 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරයට

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා මේ මස 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද පෙරවරුවේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්. එච්. ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරය වෙතත් සෙසු සියලූ දෙනා පල්ලෙකැලේ – දුම්බර බන්ධනාගාරය වෙතත් යලි රැගෙනගොස් තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකළ පිරිසට පසුගිය දින කිහිපයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ද අයත්වනවා.

මහනුවර පොලිස් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයක අනර්ථකාරී ක්‍රියා සිදුකිරීම සහ ජනවාර්ගික ගැටුම් ඇති කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේයි මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ.

Related posts

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

මැතිවරණ කොමිසමට නීතිපති උපදෙස්

colombotoday

උද්ඝෝෂකයෝ මහරගම පොලිස් ස්ථානාධිපතිට ඇඟිලි දෙකක් අහිමි කරයි. – නායකත්වය දුන් දෙදෙනෙක් අත්අඩංගුවට.

colombotoday

ගෝඨාට සහ බැසිල්ට එරෙහිව වහා පියවර ගන්න. ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin