Colombo Today Local News

කිළිනොච්චියේ ස්ථානයකින් හමුදා නිළ ඇඳුම් සමග ඇටසැකිලි මතුවේ. – සමූහ මිනීවළක් දැයි සැකයක්

කිළිනොච්චිය විලාවෝටෙයි ප‍්‍රදේශයේ කුඹුරකින් යුද හමුදා නිල ඇඳුම්, හමුදා නිලධාරීන් භාවිත කරන මෙවලම් සමග මිනිස් ඇටසැකිලි කොටස් හමු වූ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකොට එම ස්ථානය සමූහ මිනී වළක් ද නැද්ද යන්න තහවුරු කරන ලෙස කිළිනොච්චිය මහෙස්ත‍්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා පෙරේදා (5) පොලිසියට නියෝග කළේය.

කුඹුරු හිමියා කුඹුරට ජලය ලැබෙන පැරණි වේල්ලක් ඉවත් කිරීමට යෑමේදී යුද හමුදා ඇඳුම් කොටස් හමුවීමෙන් පසුව ඔහු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබේ.

පොලිස් නිලධාරීන් පැමිණ කළ මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ යුද සමයේදී මේ ස්ථානයේදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් ඝාතනය කරන ලද බවට සැක කළ හැකි යුද හමුදා භටයින්ගේ මළ සිරුරු මිහිදන් කරන්නට ඇති බවයි.

පොලිසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමෙන් පසුව කිළිනොච්චිය මහෙස්ත‍්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණ පොළොවෙන් උඩට මතු වී තිබූ යුද හමුදා නිල ඇඳුම්, හමුදා නිලධාරීන් භාවිත කරන වතුර බෝතල් ඇතුළු මෙවලම් ද මිනිස් ඇටසැකිලි කොටස් ද පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස නියෝග කොට තිබේ.

කිළිනොච්චිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මෙම ඇටසැකිලි කොටස් මිනිස් ඇටසැකිලි බව තහවුරු කොට ඇති අතර ඔහු ඒ පිළිබදව පරීක්ෂා කොට වාර්තාවක් ද නිකුත් කොට තිබේ.

ඒ අනුව මේ ස්ථානයේ ඇත්තේ සමූහ මිනී වළක් ද නැද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා 6 වැනිදා සිට දිගටම කැණීම් කටයුතු ආරම්භ කරන බව කිළිනොච්චිය පොලිසිය සඳහන් කරයි.

දිනසේන රතුගමගේ – දිවයින

Related posts

ශ්‍රීලනිපයේ සහය කාටවත් දෙන්නෙ නෑ

colombotoday

අරගලකරුවෙකුගේ හිසට යකඩ මුගුරකින් පහරදුන් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ ඥාතියෙක් අත්අඩංගුවට

colombotoday

අන්තරේ විරෝධයේදී පහර කැ පොලිසියේ තුනක් රෝහලේ…

Admin

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday