Articles

කැප්පෙ­ටි­පොළ වීර සෙන්පතියානන්ගේ අව­සානය රන් අකු­රින් සට­හන් වී අදට වසර 202යි.

වර්ෂ 1815 මාර්තු 02 දින මහ­නු­වර මඟුල් මඩු­වේදී උඩ­රට ගිවි­සුම අස්සන් කිරී­මෙන් අන­තු­රුව තෙව­ර්ෂ­යක් ගත­වී­මට පෙර තම නිද­හස හා සම්ප්‍ර­දා­යික රාජා­ණ්ඩු­ක්‍ර­මය නැවත ගැනීම සඳහා ඉංග්‍රීසි පාල­න­යට එරෙ­හිව නිද­හස් විමුක්ති සට­නක් ඇති විය. 1817 මැද භාගයේ සිට 1818 නොවැ­ම්බර් මස අව­සා­නය දක්වා ඌව වෙල්ලස්ස මුල් කර ගනි­මින් උඩ­රට ප්‍රදේ­ශය පුරා ව්‍යාප්ත වූ ආයුධ සන්නද්ධ කැරැල්ල 1818 නිද­හස් සටන ලෙස හැඳින්වේ. මෙම විමුක්ති සට­නට අභීත නාය­ක­ත්ව­යක් දුන් වීර කැප්පෙ­ටි­පොළ වනාහී මාතලේ මොන­ර­විල ග්‍රාමයේ උපන් බැවින් මොන­ර­විල කැප්පෙ­ටි­පොළ නමින් ද හැඳින්වේ. මෙතු­මාගේ පියා­ණන් වූයේ කන්ද උඩ­රට රාජ­ධා­නියේ රාජ්‍ය කළ රාජා­ධි­රා­ජ­සිංහ රජුගේ (1782 -1798) දිය­ව­ඩන නිලමේ පද­විය දැරූ ගොල­හැල කැප්පෙ­ටි­පොළ නිල­මේය. වීර කැප්පෙ­ටි­පොළ දිසා­වගේ එකම සොයු­රිය වූ ඇහැ­ලේ­පොළ කුමා­රි­හාමි විවාහ වී සිටියේ මහ­නු­වර රාජ­ධා­නියේ අව­සන් රජු වූ ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජුගේ මහ අධි­කා­රම් පද­විය දැරූ ඇහැ­ලේ­පොළ නිලමේ සම­ඟය.

මහ අධි­කා­රම් ඇහැ­ලේ­පො­ළට විරු­ද්ධව දෙවන අධි­කා­රම් වූ මොල්ලි­ගොඩ ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජුට, ව්‍යාජ කේළම් කියූ නිසා රජුගේ රාජ උද­හ­සට පත්ව සිටි ඇහැ­ලේ­පොළ පසුව ඉංග්‍රී­සින් හා එක්විය.මේ නිසා කැප්පෙ­ටි­පොළ දිසාව ද‍ ශ්‍රී වික්‍ර­ම­රා­ජ­සිංහ රජුගේ සැක­යට භාජ­නය විය. ශ්‍රී වික්‍රම රාජ­සිංහ ඇහැ­ලේ­පො­ළ­ගෙන් පළි­ගැ­නීමේ චේත­නා­වෙන් ඇහැ­ලේ­පොළ කුමා­රි­හාමි හා දරු දෙදෙන ඉතා ම්ලේච්ඡ ලෙස ඝාත­නය කරන ලදි. මේ නිසා කැප්පෙ­ටි­පොළ දිසාව ද ඉංග්‍රී­සින්ට සහාය දී ඇතැයි සඳ­හන්ය. 1815.02.18 දින ශ්‍රී වික්‍රම රාජ­සිංහ රජු ඉංග්‍රී­සීන්ට යට­ත්වී­මෙන් පසු කන්ද උඩ­රට රාජ­ධා­නිය ද ඉංග්‍රී­සින්ට පහ­සු­වෙන්ම යටත් කර ගැනී­මට හැකි විය. 1815 මාර්තු 02 ගිවි­සුම සිංහ­ලෙන් අස්සන් කළ තිදෙනා අත­රට කැප්පෙ­ටි­පොළ දිසාව ද අයත් විය. ඉන්පසු මොන­ර­විල කැප්පෙ­ටි­පොළ ඉංග්‍රීසි ආණ්ඩුවේ මාතලේ හා ඌව වෙල්ලස්ස දිසාව ලෙස කට­යුතු කළ ද සිංහ­ලය ඉංග්‍රී­සි­න්ගෙන් මුදා­ගැ­නීමේ චේත­නා­වෙන් පසු වූ බව තත්කා­ලීන වාර්තා­ව­ලින් පැහැ­දිලි වේ. ඒ බැව් ඔහුගේ ආද­ර­ණීය බිරිය වූ දෙල්වල කුමාරි හාමිට පැවසූ වද­න්ව­ලින් ද පැහැ­දිලි වේ. 1818 ජාතික සටනේ රහ­සි­ගත සැලැ­සුම් සකස් කිරීමේ පුරෝ­ගාමි මෙහෙ­ව­රක යෙදුණේ මල්වතු විහා­රයේ වැඩ සිටි ඉහ­ගම ස්වාමීන් වහ­න්සේය. උන්ව­හ­න්සේගේ දේශ­ප්‍රේමි වාග් විලා­ස­යට කැප්පෙ­ටි­පොළ දිසාව ද සිය කැමැත්ත දැක්වීය. කැප්පෙ­ටි­පොළ ජීවන චරි­තයේ කැපී පෙනෙන ලක්ෂ­ණ­යක් නම් ඔහුගේ නිර්මල වූ මාන­සික හැඟීම්ය. ඔහු ඉංග්‍රී­සින්ගේ දිසා­පති වශ­යෙන් සිටි­යදී වුව ද බට­හිර සංස්කෘ­ති­යට ගැති නොවීය. ජාති හිතෛශී බව ඔහු තුළ විද්‍යා­මාන විය.

මොන­ර­විල කැප්පෙ­ටි­පොළ දිසාව ඌව වෙල්ලස්ස කැරැ­ල්ලට නාය­ක­ත්වය දුන්නේ කැරැල්ල ආරම්භ වී ටික කල­කට පසුව වුවද ඔහුගේ ඔද වැඩී ගිය ජාති­වා­ත්ස­ල්‍ය­භා­වය කාලීන තොර­තු­රු­ව­ලින් සහ ක්‍රියා­කා­ර­ක­ම්ව­ලින් ස්ඵුට වේ. 1817 දී ඌව වෙල්ලස්ස විමුක්ති සටනේ පුරෝ­ගා­මීන් වූයේ බූටෑවේ රටේ රාළ, කොහු­කු­ඹුරේ රටේ රාළ, කිවු­ලේ­ගෙ­දර මොහො­ට්ටාල, මහ බදු­ලු­ගම රාළ ඇතුළු අනෙ­කුත් ගොවි­ගම වංශි­ක­යන් නොවූ බොහෝ දේශ­ප්‍රේමි ජන­තා­වය. මේ වන විට රාජ­ප්‍රා­ප්ති­කයා ලෙස ඔටුනු පැලඳ සිටි දොරේ සාමි හෙවත් විල්බාවේ (ශ්‍රි රාජ­සිංහ) ඇල්ලී­මට ඉංග්‍රීසි පාල­ක­යන් විසින් යෙදවූ මඩිහේ ලේකම් පද­වි­යෙන් පිදුම් ලද හජ්ජි මුහ­න්දි­රම් බූටෑවේ රටේ රාළ විසින් මර්ද­නය කරන ලදි. හජ්ජි මුහ­න්දි­රම් අල්ලා ඝාත­නය කළ බූටෑවේ රටේ රාළ අත්අ­ඩං­ගු­වට ගැනී­මට ගිය ඌව උප ඒජන්ත වූ ‍මේජර් ඩග්ලස් විල්සන්ව හිටි­හාමි රටේ රාළ විසින් හීය­කින් විද ඝාත­නය කරන ලදි. ඌව වෙල්ලස්ස ජන­තාව රාජ ප්‍රති­රූ­ප­කයා වූ දොරේ සාමි රජු සමඟ ඒක­රාශි වීමත් සමඟ මුළු ඌව වෙල්ලස්ස පුරා කැරැල්ල බිහි­සුණු ලෙසින් ව්‍යාප්ත වන්නට විය. මේ නිසා ආණ්ඩු­කාර බ්‍රවු­න්රිග් විසින් කැරැල්ල මර්ද­නය කිරී­මට ඌව දිසාව වූ මොන­ර­විල කැප්පෙ­ටි­පො­ළට 1817 සැ.22 දින ආයුධ සන්නද්ධ සේනා­වක් ද බදුල්ල ඌව වෙල්ල­ස්සට පිටත් කර හරින ලදි. මේජර් මැක්ඩො­වල් යටතේ ද සේනා­වක් ඌවට පිටත් කරන ලදී. මොන­ර­විල කැප්පෙ­ටි­පොළ දිසා­වගේ මනස ඉංග්‍රීසි විරෝධී හැඟී­ම්ව­ලින් කැළඹී සිටි බව කාලීන වාර්තා­වල සඳ­හන් වේ. පස්සර අලු­පො­තදී බූටෑවේ රටේ රාළ, කොහු­කු­ඹුරේ රටේ රාළ හා කිවු­ලේ­ගෙ­දර හමු වූ කැප්පෙ­ටි­පොළ දිසාව කැරැල්ල මෙහෙය වූ සිංහල හමු­දාව සමඟ එක් විය. 1817 නොවැ.01 දින කැප්පෙ­ටි­පොළ වීරයා ඉංග්‍රීසි භට­යින් අමතා මෙසේ ප්‍රකාශ කර ඇත. “තොපේ තුව­ක්කු­ව­ලින් තොපට වෙඩි තැබීම සිංහල අපට තරම් නොවේ. මේ තුවක්කු තොපේ ආණ්ඩු­කා­ර­යාට බාරදී ඌව දිසාව ඉංග්‍රී­සින්ට එරෙ­හිව නැඟී සිටින බව දන්වා සිටිව්” මොන­ර­විල කැප්පෙ­ටි­පො­ළගේ මෙම අභීත ක්‍රියාව ඉතා ආශ්ච­ර්ය­ජ­න­කය. ඔහු ඉංග්‍රී­සින්ගේ ගිනි අවි කිසි­වක් පැහැර ගත්තේ නැත. ඉංග්‍රීසි හමු­දාව ඝාත­නය කළේ ද නැත. එවැනි පහත් නිවට ක්‍රියා­වන් ඔහුගේ ජීවන මාර්ගයේ නොමැති වීම සුවි­ශේෂී ලක්ෂ­ණ­යකි.

මොන­ර­විල කැප්පෙ­ටි­පොළ සිංහල කැර­ලි­ක­රු­වන්ට එක්වීම ඔවුන්ගේ ධෛර්ය­යට හා අම­න්දා­න­න්ද­යට හේතු විය. කැප්පෙ­ටි­පොළ විරුවා ඉන්පසු දොරේ­සාමි රජු හමු වී තම සියලු සහාය නිද­හස් සට­නට ලබා දෙන බව ගිවිස ගන්නා ලදි. දොරේ­සාමි රජු අති­ශ­යින් පැහැදි තම සේනා­ධි­නා­යක කම හා අධි­කා­රම් පද­විය ද කැප්පෙ­ටි­පො­ළට පිරි­නැ­මීය. එතැන් සිට සිංහ­ලය නිද­හස් කර ගැනීමේ මහා සට­නට කැප්පෙ­ටි­පොළ සේනා­ධි­නා­යක නාය­ක­ත්වය දෙන ලදි. මේ සමඟ පිළි­ම­ත­ලා­වත් මඩු­ග­ල්ලත් ජාතික සට­නට එක්විය. ඉංග්‍රී­සින්ගේ ඌව දිසාවේ තන­තු­රට මොල්ලි­ගොඩ පත් කරන ලදි. සත්කෝ­රළේ සටන් නාය­ක­ත්වය, කුරු­ඳු­ගොල්ලේ රටේ රාළ විසින් දෙන ලදි. ඇල්ලේ­පොල නිලමේ ද නිද­හස් සට­නට එක්විය. මහ­නු­වර සිටි ඇහැ­ලේ­පොළ, කපු­වත්ත හා සත­ර­කෝ­රළේ දිසාව වටිනා තෑගි රජ­තු­මාට දීමට කැප්පෙ­ටි­පොළ වෙත එවන ලදි. එම ත්‍යාග කැර­ලි­කා­ර­යන්ට බෙදා දී ඇත. මෙතැන් සිට ඌව වෙල්ලස්ස කැරැල්ල ශීඝ්‍ර­යෙන් හඹා ගොස් ඉංග්‍රී­සින්ට මහත් ව්‍යස­න­යක් එල්ල කරන ලදි. 1818 ජන­වාරි 21 දින ඉංග්‍රී­සින් මාර්ෂල් ලෝ යුද නීතිය පනවා ඉතා ක්‍රෑර අන්ද­මින් ක්‍රියා කිරී­මට ඉංග්‍රීසි භට හමු­දා­වන්ට නියෝග කර ඇත. ඉංග්‍රී­සින්ගේ බිම් පාළු ප්‍රති­ප­ත්තිය ක්‍රියා­ත්මක කර­මින් ඌව වෙල්ලස්ස නම් සශ්‍රික භූමිය විනාශ කර­ව­න්නට විය. 1818 වන විට කැර­ලි­ක­රු­වන්ට දළදා වහන්සේ ද පැහැර ගැනී­මට හැකි විය. මෙම කාර්ය­යට වාරි­ය­පොළ සුමං­ගල හිමිගේ උප­කා­රය ලැබිණි. 1818 මැයි දෙවන දින හඟු­ර­න්කෙ­තදී කැප්පෙ­ටි­පොළ සේනා­ධි­ප­ති­තු­මාගේ ප්‍රධා­න­ත්ව­යෙන් දළදා ප්‍රද­ර්ශ­න­යක් ද පවත්වා දොරේ­සාමි ශ්‍රී රාජ­සිංහ නමින් නැවත රාජ්‍ය­ත්ව­යට පත් කර ගත් බව සඳ­හන් වේ. කැප්පෙ­ටි­පොළ ඉතා හොඳ උසස් වත් පිළි­වෙත් දන්න බෞද්ධ­යෙක් බව මෙයින් තහ­වුරු වේ. දළදා ප්‍රද­ර්ශ­න­යෙන් පසු හඟු­ර­න්කෙත පැරණි රජ­මා­ලි­ගාව සමී­පයේ වළලා තිබූ ගෙන්ද­ගම් ‍තොගයක් ගොඩ­ගැ­නී­මට සේව­ක­යන්ට නියෝග කර ඒවා වෙඩි බෙහෙත් සෑදී­මට බෙදා දෙන ලදි. එය ද එතු­මාගේ යුද සැලැ­ස්මක් විය. 1918 මැයි මාසය වන විට සිංහල විමුක්ති සටන ඉතා බල­වත් විය. එහෙත් නොසි­තූ­විරු පරිදි මහා උණ රෝග­යක් රට පුරා පැතිර යාම හේවා­යින්ගේ පසු­බෑ­ම­කට ද හේතු­විය.

මොන­ර­විල කැප්පෙ­ටි­පොළ හා රජු ප්‍රමු­ඛව මෙහෙ­ය­වන ලද යුද­මය ක්‍රියා­න්විත නිසා ඉංග්‍රීසි හමුදා බළ­කොටු තුළට ගාල්වීම සිදු­විය. එහෙත් ශ්‍රී රාජ­සිංහ රජ­තු­මාගේ රාජ­වං­ශය පිළි­බ­ඳව යම් යම් ගැටලු මතු වූ අව­ස්ථා­වල පවා වීර කැප්පෙ­ටි­පොළ පිළි­ම­ත­ලා­වට හා මඩු­ග­ල්ලට කියා සිටියේ මේ අව­ස්ථාවේ භේද ඇති කර ගැනීම යුද්ධ­මය ක්‍රියා­න්වි­ත­ව­ලට බාධා සිදු­වන බවය. ඉංග්‍රී­සින්ගේ ත්‍යාග­ව­ලට නිල­ත­ල­ව­ලට ගිජු වූ ඇතැම් සිංහ­ලයේ නාය­ක­යන්ගේ ක්‍රියා කලා­ප­යන් ද 1818 විමුක්ති සටන පසු­බෑ­මට හේතු සාධක විය. මේජර් ඩොයිල්ගේ රහස් ඔත්තු සේවය ද (උඩ­රට රෙසි­ඩන්ට්) කැරැල්ල අසා­ර්ථක වීමට හේතු විය. එක්නැ­ලි­ගොඩ හා මොල්ලි­ගොඩ වැනි දේශ­ද්‍රෝහි නාය­ක­යන්ගේ ඉංග්‍රීසි ගැති ක්‍රියා කලා­පය ද කැරැල්ල අසා­ර්ථක වීමට හේතු විය. ඉංග්‍රී­සින්ගේ නොයෙක් වර­දාන හා වර­ප්‍ර­සාද ගැනී­මට සිංහල නාය­ක­යන්ම සටන පාවා­දීම ඉතා ජුගු­ප්සා­ජ­නක විය. ඉංග්‍රීසි හමු­දාව විසින් වයස අවු­රුදු 18ට වැඩි සියලු දෙනා ඝාත­නය කර ගේ දොර, වතු­පිටි, හර­කා­බාන, ගහ­කොළ පල­තුරු ද සියලු වාරි­මාර්ග ද විනාශ කර ඌව වෙල්ලස්ස මිහි­පිට සුසා­න­යක් බවට පත් කර­වන ලදි. 1818 අව­සාන කාර්තුව වන විට කැප්පෙ­ට්ටි­පොළ සේනා­ධි­නා­යක ඇතුළු රණ­වි­රු­වන් දියත් කළ විමුක්ති සටන අසා­ර්ථ­කව පසු බසි­න්නට විය. ඌව වෙල්ලස්ස පම­ණක් නොව මාතලේ, දුම්බර, යටි­නු­වර, උඩු­නු­වර, හේවා­හැට, තුන්පනේ, සබ­ර­ග­මුව, සතර කෝරළේ හා සත්කෝ­රළේ ඇතුළු ප්‍රදේ­ශ­වල පවා ලැව්ගි­න්නක් ලෙස පැතිර ගිය 1818 විමුක්ති සටන අව­සා­නයේ ඉංග්‍රී­සින්ගේ කූර ක්‍රියා කලා­පය හා ඔවු­නට ලැබුණු නව විදේශ හමුදා ශක්තිය නිසා කැර­ලි­ක­රු­වන් ඉංග්‍රීසි හමු­දා­වල කුරිරු ඝාත­න­යට හා යටත් වීමට සිදු විය. එක්නැ­ලි­ගොඩ, මොල්ලි­ගොඩ යන දිසා­ව­රු­නට චනිල්ට හා ලෙන්ටි­නන්ට ප්‍රශංසා කර බ්‍රවු­න්රිග් ආණ්ඩු­කා­රයා රන් පද­ක්කම් පිරි­න­මන ලදි. සිංහල හමුදා සතු විශාල ආයුධ ප්‍රමා­ණ­යක් ඔත්තු­ක­රු­වන්ගේ මාර්ග­යෙන් ඉංග්‍රී­සින් භාර­යට ගැනුණි. ඉංග්‍රී­සින්ගේ සාහ­සික බිම්පාළු ප්‍රති­ප­ත්තිය නිසා සිංහල සේනා­වන්ට ආහා­ර­පාන හිඟ­යක් ද ඇති විය.

සිංහල කැරලි නාය­ක­යන් අල්ලා දෙන අයට රන් පගෝදි දහස් ගණනේ ත්‍යාග දෙන බව ඉංග්‍රීසි ආණ්ඩුව නිවේ­ද­නය කර තිබුණි. සිංහල නාය­ක­යන්ගේ අස­ම­ගිය, රාජ ප්‍රති­රූ­ප­ක­යාගේ ගැට­ලුව හා සටනේ අසං­වි­ධිත ස්වරූ­පය මෙන් සන්නි­වේ­දන දුර්ව­ල­තා­ව­යන් ද සේන්පති කැප්පෙ­ටි­පො­ළගේ පසු බැසී­මට හේතු සාධක විය. පිළි­ම­ත­ලාව වැනි කුහ­ක­යින්ගේ රජ­වීමේ කූට ප්‍ර‍යත්න­යන් වීර කැප්පෙ­ටි­පො­ළට තදින්ම බල­පාන ලදී. දුර්වල වූ බළ­කො­ටු­ව­ලට සීමාවී සිටි ඉංග්‍රීසි හමු­දා­ව­ලට විදේ­ශිය කාපිරි හා මැලේ හමු­දා­වක් සහා­යට පැමි­ණීම සමඟ ඉංග්‍රී­සින් නව ජව­ය­කින් සිංහල විමුක්ති සටන ව්‍යර්ථ කරන ලදි. 1818 ඔක්තෝ­බර් 28 දින වියළි කලා­පයේ පර­ව­හ­ග­මදී වීර­කැ­ප්පෙ­ටි­පොළ හා පිළි­ම­ත­ලාව ඉංග්‍රී­සින්ට හසු වී පරා­ජය බාර ගන්නා ලද්දේ සට­න­කින් තොර­ව­මය. එම ස්ථාන­යෙන් පලා ගිය මඩු­ගල්ල විරුවා ද පසු­දින ඉංග්‍රී­සින් විසින් අල්ලා ගන්නා ලදී. 1818.11.13 දින කැප්පෙ­ටි­පොළ විරු­වා­ණන් යුද්ධා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලදුව 1818 නොවැ­ම්බර් 26 දින මහ­නු­වර බෝග­ම්බ­රදි ගෙල සිඳුවා මර­ණ­යට පත් කරන ලදි. ඉන්පසු මඩු­ගල්ල විරු­වාගේ ද හිස ගසා දමන ලදි. වීර කැප්පෙ­ටි­පොළ රණ­වි­රු­වා­ණන් අභී­තව මර­ණ­යට මුහුණ දුන් අතර, මරණ මංච­ක­යේදී පවා එතු­මාගේ ඉනේ සඟ­වා­ගෙන සිටි ධම්ම පදයේ ගාථා කිහි­ප­යක් කිය­වී­මට පවා පසු­බට නොවීය. අභීත විරෝ­ධාර සෙන්ප­ති­ය­කුගේ අව­සාන ඉර­ණම ලක් ඉති­හා­සයේ රන් අකු­රින් මෙලෙස සට­හන් වී අදට වසර 202ක් ගත වී ඇත.

උපාලි ඒක­නා­යක..
දහම් සර­ස­වියේ කථි­කා­චාර්ය හා කොළඹ
ලංකා­ය­ත­නයේ කථි­කා­චාර්ය

Related posts

ව්‍යවස්‌ථා සම්පාදක සභාවෙන් ඊළමට දොරවල් අටක්‌!

colombotoday

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday

ලුතින්න් කර්නල් ගෝඨාභය සමග යාපනය කොටුව බේරා ගැනීමට ගිය මාරාන්තික මෙහෙයුම !

colombotoday

මන්ද මානසික සඳරුවන් සේනාධීරගේ Lanka e News මඩ අඩවියට බොදු බලෙන් පිළිතුරු

colombotoday

ETCA “එන්ටර් ද කල්ලතෝනි” ආවොත් ආවමයි.. යවනව බොරු!

colombotoday

සංහිදියාවාදීන්ට නොපෙනෙන රටවල් දෙකක් ඉල්ලන විග්නේශ්වරන්ගේ ජාතිවාදය

colombotoday