Colombo Today Local News

ITN පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්…කැරලි මර්දන කණ්ඩායම් කැඳවයි

ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ අද පෙරවරුවේ සිට උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඊට හේතුවී ඇත්තේ දින කිහිපයක සිට පැවති සේවක විරෝධය අද තවදුරටත් උත්සන්නවීමයි.

ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු දෙදෙනෙකු අද උදෑසන ආයතනයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවේ සේවක පිරිසක් ඊට දැඩි විරෝධය පළ කර ඇත.

ස්වාධීන රූපවාහිනි සේවයේ ස්ථාවර තැන්පතුවෙන් විශාල මුදලක් වංචා කර ඇතැයි පවසමින් දින කිහිපයක සිට එම ආයතන සේවක පිරිස විරෝධය පළ කරමින් සිටියි.

ඒ අතරින් 13 දෙනෙකුගේ සේවය අත්හිටුවීමටද පාලන අධිකාරිය පසුගිය දින පියවර ගෙන තිබුණි.

එම ස්ථානයට පොලීසිය හා කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති බවද වාර්තා වෙයි.

Related posts

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

Admin

තෙවන පාසල් වාරය ආරම්භය සති දෙකකින් කල්දැමේ

colombotoday

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

colombotoday

පොලිස් නිලධාරින් 19 කට ස්ථාන මාරුවීම්

colombotoday

ක්‍රීඩකයන්ට දුන් තෑග්ගට සල්ලි ඉල්ලා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියෙන් රතු නිවේදනයක්

Admin

පාන් ගෙඩියක් රු300යි

colombotoday