World

ISIS සටන්කාමීන් 200ක් ප්‍රහාර මාළාවකට සුදානමින්

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මියන්මාරය යන රටවල ප්‍රහාර දියත් කිරීමට අල්කයිඩා ත්‍රස්තවාදීන් සැලැසුම් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ වාර්තාවන් උපුටා දක්වන ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත අනාවරණය කර සිටියි.

ඊයේ හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කර ඇති අන්දමට ත්‍රස්තවාදීන් 150-200 අතර ප්‍රමාණයක් ප්‍රහාර මාලාවට සූදානම් බව සඳහන්ය.

මේ සඳහා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේද සහාය ලැබෙනු ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

මෙම පිරිස ඇෆ්ගනිස්තානයේ නිම්රූස්, හෙල්මන්ඩ් සහ කන්දාර් ප්‍රදේශවල සිට මෙම රටවලට පැමිණ ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

මීට පෙර අවස්ථාවක දී ආසියාතික රටවලට ප්‍රහාර එල්ල කිරීමට පාකිස්තානයේ ලක්ෂාර් ඊ ටයිබා හා ඉන්දියාවේ ඩාවුඩ් ඊබ්‍රහිම් කල්ලිය සමග කළ සැලැසුමක් ද ශ්‍රී ලංකා බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබුණි.

ඒ අනුව මෙරට සිටින සැකකටයුතු පාකිස්තාන සහ ඉන්දියානු ජාතිකයන් පිළිබඳ අවධානයෙන් සිටින්නැයි විදෙස් බුද්ධි සේවාවන් මෙරට බුද්ධි සේවාවන් වෙත දෙවරක් අනතුරු අඟවා තිබුණි.

Related posts

සංචරණ සීමා පැනවූ බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් සියයට 30කින් පහළට

colombotoday

කුමාර් සානුට කොරෝනා

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

අධිකරණයට පෙනී සිටීමෙන් නිදහස් කරන්න කියූ ඉම්රාන් ඛාන් අමුතු ඇඳුමකින් අධිකරණයට එයි

Admin

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday