7 April 2025
Colombo Today Local News

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල වැඩි කිරීමෙන් පසු සිය පාඩුව ආසන්න වශයෙන් දිනකට රුපියල් මිලියන 38කින් වැඩි වූ බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා. 

එහි සභාපති ධම්මික රණතුංග පැවසුවේ තමන් පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් ද අලෙවි කරන්නේ  පාඩු ලබමින් බවයි.

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිමෙන් පසු සිය පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින් ගණන වැඩිවී ඇතැයි ද පාඩු වැඩිවූයේ ඒ නිසා බවද ඔහු පවසයි.

අයි ඕ සී සමාගම මේ වනවිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අලෙවි කරන්නේ ලීටරයක් රුපියල් 126ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 117ක්.

අයි ඕ සී සමාගමේ පිරවුම්හල්වල ඩීසල් අලෙවි කෙරෙන්නේ ලීටරයක් රුපියල් 100ටයි. එහෙත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව තවදුරටත්් ලීටරයක් රුපියල් 95ක මිලකට ඩීසල් අලෙවි කරයි.   

අයි ඕ සී සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල මෙලෙස වැඩි කළේ ඉකුත් 24 වනදා සිටයි. ඒ අනුව ගත වූ සතියක කාලයේදී ලංකා ඛණිජ තෙල් සංස්ථාව ලබා ඇති අතිරේක පාඩුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 266ක්.

Related posts

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

colombotoday

ජනාධිපති වෙන්නේ මමයි. මහේෂ් සේනානායක කියයි

colombotoday

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි – අනතුරු අවම කර ගැනීමට පියවර ගන්න

colombotoday

10%ක් ඉන්ටර්නෙට් පාවිච්චි කළොත් දළ දේශීය නිෂ්පාදිතය 1.2%කින් වැඩිවෙනවා – හරීන්

colombotoday

ගව මස් කෑම අපේ මූලික අයිතියක්.. සත්ව හිංසාවෙන් තොරව, මානුෂිකව ගවයන් ඝාතනයට ඝාතකාගාර ඉදිකල යුතුයි..

colombotoday