Colombo Today Local News

දැඩි සත්කාර ඇඳන් පිරිලා | රජයේ රෝහල්වල සාමාන්‍ය සැත්කම් කල් දමයි

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක ඇඳන් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යන තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සැත්කම් කල් දැමීමටත්, හදිසි සැත්කම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කිරීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් පැවසූ බව අද (10) දිවයින පුවත්පත වාර්තා කර සිටියි.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් දැඩි සත්කාර එකක ඇඳන් හදිසි අවශ්‍යතාවකදී භාවිත කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව ඔහු කීවේය.

රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒ්කක ඇඳන් මෙම දිනවල රට පුරා පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් හේතුවෙන් පිරී ඉතිරී යෑමේ අවදානමක් දැනට මතු වී ඇති අතර, පිට පළාත්වලින් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් නගරවල රෝහල්වලට ඇතුළත් කිරීමද මෙම තත්ත්වය මත සීමා කර තිබෙන බව හෙතෙම සඳහන් කළේය. සාමාන්‍ය සැත්කම් කල් දැමීම හේතුවෙන් රෝහල්වල පොරොත්තු ලේඛන (වේටින් ලිස්ට්) තවත් මස ගණනකින් දීර්ඝ වනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

රජයේ වෙබ් අඩවිවල මැකී ගිය විද්‍යුත් පණිවුඩ යළි ලබා ගන්න ජාත්‍යන්තර සහය..

Admin

අප්‍රේල් 20 සිට බස් රථ 5,000 ක් හා දුම්රිය 400 ක් පොදු ප්‍රවාහනයට

colombotoday

හිටපු ජනපති මහින්දගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Admin

රනිල් එලවන විශ්වාසභංගයට මෛත්‍රී පාර්ශවයේ දෙවනි අත්සන සුසිල්ගෙන්

colombotoday