Colombo Today Local News

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

“හචින්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම – හච් (Hutchison Telecommunications Lanka (Pvt) Ltd.- HUTCH) හි සේවකයන් විසින් කළක පටන් සිදුකරන ලද තඹ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.”,

“හචින්සන් ටෙලිකොමිනිකේෂන් ලංකා පුද්ගලික සමාගම” ට සම්බන්ධ සේවකයින් පිරිසක් විසින් කළක සිට සිදුකරගෙන ආ තඹ ජාවාරමක සුලමුල හෙළිකර ගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

පොලීසිය සිදුකල හදිස්සි වැටලීමකදී හච් හි එඩේරමුල්ලේ පිහිටි ගුදමකින් අපනයනය කිරීම සඳහා ලොරි රථ දෙකකට පටවමින් තිබියදී තඹ වයර් තොගයක් හමුවී තිබේ. අදාළ වැටලීමෙන් පසු ලොරි රථ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙරට නීතිය මගින් තඔ හා පිත්තල අපනයනය කිරීම තහනම් කර ඇත.

ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපෘති (BOI) සඳහා සමාගම් ගෙන්වනු ලබන අබලි ද්‍රව්‍ය යළිත් තම රටතුළට ගෙනයාමේ අවසරක් ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති අතර හච් හි නිලධාරීන් එවැනි සමාගමක් යොදා ගනිමින් මේ ඡාවාරම සිදුකර ඇති බව වාර්තා වේ.

නමුත් එවැනි අබලි ද්‍රව්‍ය අපනයනය කරන්නේනම් ඊට පෙර ඒවා මිලදී ගැනීමට දේශීය ගැනුම් කරුවකු සිටින්නේද යන්න පරික්ෂා කර බැලීම නීත්‍යානුකූල තත්ත්වයයි. කෙසේ වෙතත් හච් ආයතනය ඒ කිසිවක් සිදුකර නොමැත.

මධ්‍යම පරිසර අධිකාරියේ ලිපියක් පෙන්වමින්, විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන සමාගමේ හිමිකරු ලොරි රථ අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් නොමඟ යවා ඇත. අදාළ සිද්ධිය හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන ආයතනයේ බලපත්‍රය අවලංගු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

රජය විසින් තඔ හා පිත්තල අපනයනය තහනම් කර ඇත්තේ ඒවා භාවිතා කර විවිධ කර්මාන්තවල යෙදෙන කුඩා කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහාය. තඹ හා පිත්තල කුඩා කර්මාන්තකරුවන් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ විදේශීය වෙළඳ පොළට විකිණීම සිදුකරනු ලබයි.

Related posts

බාසිලෝනා ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරය ජනපති හෙළා දකී !

colombotoday

රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂය පථයට අයිති නම් කියනකොට සමහරු හිනා වුණා – අගමැති

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර බදුර්දීන්ට, හිස්බුල්ලාට නීතිය ගෙනෙනු ! – පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවක්

colombotoday

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday

හිටපු ජනපතිනිය රටබීමහලකට ගොඩවෙයි… ඡායාරූප අන්තර්ජාලය කළඹයි !! (Photo)

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday