Colombo Today Local News

පවතින උෂ්ණත්වය නිසා අක්ෂි ආබාධ

පවතින අධික උෂ්ණත්වය හමුවේ හිරු එළියට නිරාවරණය වීමෙන් අක්ෂි ආබාධ ඇතිවිය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් පවසයි.

හිරු එළිය සෘජුවම ඇසට පතිත වුවහොත් එහි සෛලවලට හානිවී ඇසේ පෙනීමට පවා බාධා ඇතිවිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක මහත්මිය පැවසුවේය.

අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ මධුවන්ති දිසානායක මහත්මිය පැවසුවේ, පවතින තත්ත්වය යටතේ ඇසේ සුද නැමැති රෝග තත්ත්වයද ඉහළ යා හැකි බව වැඩිදුරටත් පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රදේශ කිහිපයක, මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී ද අවදානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

වයඹ , දකුණු හා උතුරුමැද පළාත්වල මෙන්ම මොණරාගල , රත්නපුර , මන්නාරම , වව්නියා, මුලතිව් හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත් ය.

Related posts

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

Admin

ලක්ෂ ගණනක වියදමින් අයවැය බජට් පාටියට 500 කට ආරාධනා

colombotoday

“ආවා“ කල්ලියේ ලොක්කා ඇතුළු 38ක් අත්අඩංගුවේ !

colombotoday

චිනය එක්ක අලුත් අවබෝධතා ගිවිසුමකට එන්න කැබිනට් අනුමැතිය

Admin

පුංචි ඡන්දයට ජවිපෙ නෑ ! නව ඡන්ද ක්‍රමය ගේන්නේ අපිව දේශපාලනයෙන් ඉවත් කරන්නයි

colombotoday

කාකදූපත වෙරළ තීරයේ නාදුනන මළ සිරුරක්

colombotoday