විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළ සිසුන්ට පහර දුන් බවට හඳුනා ගත් පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙම පොලිස් නිලධාරියා කිරුළපන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකයකු බව පොලිස් ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍යයට පැවසුවේය.
ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් කළ පරීක්ෂණයෙන් පසු එම වාර්තාව පොලිස්පතිවරයා වෙත එවා තිබුණු බවත් ඒ අනුව සිසුන්ට පහර දුන් බවට පැවසෙන පොලිස් පරීක්ෂකයාගේ සේවය අත්හිටුවීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
ඉන් අනතුරුව ඔහුට විරුද්ධව චෝදනා පත්‍ර ගොනු කොට පරීක්ෂණයක් පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.