Colombo Today Local News

ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කදුරට හින්දු පුජකවරුන් පිරිසක් උපවාසයක.

රටේ පවතින ආර්ථික අර්බුදයට කඩනමින් විසදුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් කදුරට හින්දු පුජකවරුන් පිරිසක් (02) දින උපවාසයක් ආරම්භ කර ඇත.
කදුරට අයියප්පණ් පුජකවරුන්ගේ සංගමය විසින් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ පොලිස් මුරපොල අසල මෙම උපවාසය ආරම්භ කර ඇත.

මෙම උපවාසය සදහා හින්දු පුජකවරුන් කිහිපදෙනෙකු සහයෝගය දක්වන අතර , තවත් හින්දු පුජකවරුන් කිහිපදෙනෙකු එම උපවාසයට සහයෝගය දක්වන බවයි උපවාසයේ යෙදි සිටින හින්දු පුජකවරුන් කියා සිටියේ.

වසර 74 ක කාලයක් තුල මේ රට පාලනය කල දේශපාලඥයින් රටේ ජනතාව මුලා කල බවත්, එම කාලය තුල දේශපාලනයට පිවිසි දේශපාලඥයින් මේ රටේ මහජනයා සතු සම්පත් සොරාගත් බවයි කදුරට අයියප්පණ් පුජකවරුන්ගේ සංගමයේ භාරකරු පෙරුමාල් පරමශිවන් පුජකවරයා කියා සිටියේ.
පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන 225 දෙනාට රටේ පවතින ආර්ථික අර්බුධයට විසදුම් ලබාදිය නොහැකි බවත්, රටේ ආර්ථික අර්බුධය විසදිමට බුද්ධිමත් පිරිසක් තොරා එම බුද්ධිමත් පිරිසට රටේ පාලන බලය ලබා දි දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාම දේශපාලනයෙන් ඉවත් විය යුතු බවයි පෙරුමාල් පරමශිවන් පුජකවරයා කියා සිටියේ.

මෙම උපවාසය අනෙකුත් හින්දු පුජකවරුන්ගෙන් සහ ප්‍රදේශවාසින්ගෙන් ලැබෙන සහයෝගය මත අඛණ්ඩව පවත්වාගෙන යාමට අදහස් කරගෙන සිටින බව එම පුජකවරයා පැවසිය.

හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබද තේරීම් කාරක සභා වාර්තාව රටම නොමග යවන මුලාවක් – ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක් !

colombotoday

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නතවතයි

Admin

“අපි රාජපක්ෂලාගේ දං කුඩ කෑවේ නෑ” විමල් කියයි

Admin

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

බෝ නොවන රෝග සත්කාර පහසුකම් වර්ධනය කිරීමට ජපන් යෙන් මිලියන 500 ක ප්‍රදානයක්

colombotoday