Colombo Today Local Newsfeatured

Video: මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට උත්සාහ ගත් නාරං සම්පත් සොයා සිදුවූ මෙහෙයුම

අතුරුගිරිය ගල්පොත්ත විහාරය වෙත පැමිණි නාදුනන පිරිසක් පසුගියදා එහි වැඩවසන මස්සැන්නේ විජිත හිමි පැහැරගැනීමට ගත් උත්සාහයක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන ලදි. එලෙස පැමිණි පිරිස විසින් තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ ජයාරූප පෙන්වා ප්‍රදේශයේ ජීවත්වෙන පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් තොරතුරු විමසා ඇති අතර මේ පිළිබඳව මස්සැන්නේ විජිත හිමි අතුරුගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.

අදාළ සැකකරුවන් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට තොරතුරු වාර්තා වී ඇති අතර මෙම කණ්ඩායම මෙහෙයවා ඇත්තේ බොරැල්ල, ගෝතමී පාරේ නාරං සම්පත් නැමැත්තා බවට හඳුනාගෙන ඇත. ඔහු සමග ගෝතමී පාරේ “ලොකු සුදූ” සහ කඩුවෙල අධිකරණයේ සේවය කරන හිසේ “තට්ටය” සහිත නීතිඥවරයෙකු සහ ඔහුගේ රියදුරු මෙලෙස “වැගන් ආර්” රථයකින් එදින පැමිණ තිබේ.

එම තොරතුරු මිරිහාන පොලිස් බලප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැන්වීමෙන් පසු වැලිකඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් සහ භික්ෂුන් වහන්සේලා කිහිපනමක් එක්ව “ගෝතමී පාර” ප්‍රදේශයේ වැටලීමක් සිදුකරන ලද අතර එහිදී “ලොකු සුදූ” නැමති පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදි. ඒ සමගම පොලීසිය “නාරං සම්පත්” නැමැත්තාගේ නිවසට පැමිණෙන විට ඔහු නිවසින් පලා ගොස් ඇත.

එදින අතුරුගිරිය ගල්පොත්ත විහාරය වත පිරිස පැමිණි බව “ලොකු සුදූ” පිළිගත් අතර මීට වසර හයකට පෙර අතුරුගිරිය ප්‍රදේශයට පැමිණි බෞද්ධයන් වෙනත් ආගම්වලට හැරවීමට කටයුතු කරන කණ්ඩායමක් අල්ලා පොලීසියට බාර දීම සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් නිතිඥවරයාගේ කොන්ත්‍රාත්තුවකට පිරිස පැමිණි බවත් ලොකු චූටි භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන ලදි.

Related posts

පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගහලා… රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි..

colombotoday

ආරුමුගන් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

නරකම ගුවන්තොටුපළවල් 10 අතරට කටුනායකත් එක්වෙයි !

colombotoday

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

Admin

බුදු පිළිමයක් වැඩම කරද්දී TNA මන්ත්‍රී ඇතුළු පිරිසකගෙන් විරෝධය… බුදු පිළිමය පොලිසිය භාරයට…

colombotoday

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday