පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට දඬුවම් නියම කිරිමට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනය අද (22) විභාගයට ගැනීමට නියමිතව තිබේ.
එම අභියාචනය පසුගිය 18 වනදා විභාග කිරිමට නියමිතව තිබුණ ද එදින නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් නොවිම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද දිනයට කල්තැබිණි.
කෙසේ වුවද බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන නොයන බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර අද උන්වහන්සේට ඇප ලබා ගැනිමට නොහැකි වුවහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.