Colombo Today Local News

ජිනීවා සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් නිවේදනයක්

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනා සම්බන්ධ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණයට සුභ පැතුමින් රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන්

විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ කිසිදු අනුමැතියකින් තොරව හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් රටේ ස්වෛරීභාවයත්, පරමාධිපත්‍යයත් හෑල්ලුවට ලක්කරමින් ජිනීවා මානව හිමිකම් කොමිසමේ 30 / 1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමට ගත් තීරණයට එරෙහිව වත්මන් දේශ හිතෛෂී රජය විසින් ඉන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් වත්මන් ජනපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු රජයට කෘතවේදී ස්තුතිය පුදකරමි.

ශ්‍රී ලංකාවේ නීතියේ යුක්ති මූල ධර්මයන්ට අනුව නීතිය සැමදෙනා ඉදිරියේ සමානය යන උධෘතය උල්ලංඝනය කර ඇත. 30 / 1 යෝජනා මගින් විදේශීය විනිසුරුවන් ඉදිරියේ හමුදාව විසින් කරන ලදැයි චෝදනා කරන යුධ අපරාධ පිළිබඳ නඩු ඇසීම විදේශීය විනිසුරු මඩුල්ලක් විසින් කළ යුතුය යන්නය. මෙමගින් ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවද උල්ලංඝනය කර ඇත.

එසේම 30 / 1 යෝජනාවන්ට අනුව අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් ඇරඹීම තවත් එක් නිර්දේශයකි. මෙහි දක්වා ඇත්තේ උතුරු නැගෙනහිර සන්නද්ධ ගැටුම් වලින් අතුරුදන් වූ අය ලෙසය. රටේ ආර්ථිකයට ජන ජීවිතයට විශාල හානියක් කල මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුනාගෙන නැත. ශ්‍රී ලංකා යුධ හමුදාවට එරෙහිව සටන් කල ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාවය මෙතෙක් හෙලීවී නැත. එනිසා මෙම යෝජනාව හරහා එම ත්‍රස්ථවාදීන්ගේ පවුල් වල සාමාජිකයන් සඳහා මාස්පතා වන්දි මුදලක් ගෙවීම ශ්‍රී ලංකා රජයේ බදු මුදල් වලින් සිදුවේ. මෙවන් වූ රටට අහිතකර කරුණු රැසක් අඩංගු වූ 30 / 1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම රජයක් ලෙස ගත් එඩිතර තීරණයකි.

ජාත්‍යන්තරය ඉදිරියේ නිවට නියාලු පරගැති න්‍යාය පත්‍රයක් මෙහෙය වූ යහපාලන රජය ගෙන ආ මෙම සම අනුග්‍රාහකත්වයෙන් වත්මන් දේශ හිතෛෂී රජය ඉවත් වීම සියලුම දේශ හිතෛෂී ජනතාවගේ සතුටට කරුණකි. පසුගිය කාලයේ මෙම යෝජනාවන්ට විරුද්ධව අපට පෙනී සිටීමට සිදුවූයේ වීරෝධාර රණවිරුවන්ට හා රටට සිදුවීමට ගිය හානිය වළක්වා ගැනීමටය.

Related posts

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

colombotoday

රටම බලා සිටින පෙත්සම විභාගය ඇරඹෙයි…

colombotoday

ඇමති සැප වාහන නැවැත්වීමේ අගමැතිගේ කතාව බොරු.. කෝටි 118 මේවනවිටත් මුදාහැරලා !

colombotoday

අධිකරණය බැදුම්කර චෝදනාවෙන් මා නිදහස් කළා.. අර්ජුන් රටටම කෝචොක් දමා කටුනායකින් බහී

colombotoday

තෙල් බවුසරයක් කරනම් ගහයි

colombotoday