Colombo Today Local News

දරුවන්ට අමානුශික ලෙස පහර දී වීඩියෝ කල පියා අත්අඩංගුවට

අද (07) උදෑසන තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහරදී එය විඩියෝ කර සමාජ මාධ්‍යට එක් කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දරුවන්ගේම පියා බවයි වාර්තා වන්නේ.

දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි බිරිඳගේ නිවසේ පදිංචිව සිටින 33 හැවිරිදි කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන පුදගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 05 වනදා රාත්‍රියේදී මෙම පහරදීම සිදුකර තිබුණි.

අවුරුදු 09 සහ 05 යන වයස්වල පසුවූ දරුවන් දෙදෙනාට පහරදී ඇති සැකකරුගේ බිරිඳ ගෘහසේවය සඳහා විදේශගතවී සිටින බවද වාර්තා වෙයි.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇත.

සැකකාර පියා විසින් මෙලෙස පහරදී ඇති දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් නොපිළිබඳින නිසා බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇත.

සැකකරු ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් දරුවන් දෙදෙනා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සැකකරු හැටන් මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ පනත බලාත්මක වෙයි

colombotoday

ට්‍රිලියන 10ක් විදෙස් ණය අරන්.. ඒත් රජයේ වත්කම් තියන්නේ ට්‍රිලියන 01යි.. ඉතිරි මුදල්වලට වෙච්ච දෙයක් නෑ

colombotoday

“ලංකාවේ රජයක් තියනවාද??“ සිරිකොතේ අලියාට වෙඩිතැබූ කොස්තාපල් අසයි (Video)

colombotoday

ඉපලෝගම මුස්ලිම් පල්ලියකින් පුරාවිද්‍යා සංහාරයක්. | දායක සභාවේ කිසිවෙකුත් තවමත් අත්අඩංගුවට ගෙන නෑ.

colombotoday

ජනපති හෙට දිවුරුම් දෙයි

colombotoday

ජනාධිපතිවරණය කිසිඳු අයුරකින් කල් දමන්න අපි ඉඩ ‌දෙන්නේ නෑ – චම්පික රණවක යලි කරලියට

colombotoday