Colombo Today Local News

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක නිරත වූ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කර ඇති බව ය.

බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු කර ඇති බව සඳහන්ය.

බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 04ක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා ඇත.

Related posts

රතුපස්වලට අවුරුදු තුනයි.. මානව හිමිකම් කොමිසමෙන් යළිත් විමර්ශන

colombotoday

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

colombotoday

අද සිට Online ක්‍රමයට පාස්පෝට් එක ගෙදරම ගෙන්න ගන්න හැටි මෙන්න

Admin

පියා ගෙල වැලලාගෙන. මවගේ සහ දරු දෙදෙනාගේත් මළ සිරුරු නිවසේදී හමුවෙයි.

Admin

මාලිගාවත්තේ සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු රිමාන්ඩ්

colombotoday

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

colombotoday