ආන්දෝලනයට තුඩු දී ඇති දුරකථන ඇමතුම් පිළිබඳ විශ්ලේශනාත්මක දත්ත ඇතුළත් බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනයේ පිටපත් ජාතික ලේඛනාරාක්ෂක දෙපාර්තමේන්තුවෙන් දැන් ලබාගත හැකිව තිබේ.
එම වාර්තාව එය ඕනෑම අයකුට ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරියට අවසර දී ඇත.
පිටු 127 ක ස්කෑන් පිටපතක් රුපියල් 12,875 ක් වන අතර එහි සංයුක්ත තැටිය රුපියල් 5255 කට ලබා ගත හැකිය.