ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය තහවුරු කර තිබේ.
අද නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පුරු ශාඛාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී අධිකරණයේදී මේ බව අනාවරණ විය.
හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ද නිකුත් කර තිබේ.