Colombo Today Local News

ඇමති රාජිත ඇවන් ගාඩ් එකෙන් ගත්ත මිලියන 5 ආපසු යවයි (Audio)

ඇමති රාජිත සේනාරත්න මහතා ඇවන් ගාඩ් සමාගමෙන් රුපියල් මිලියන පහක් ලබාගැනීම සම්බන්ධයෙන් නිකුත්වුනු  ආන්දෝලනාත්මක හඩපටයට පසුව තමා ලබාගත් මුදල් දොස්තර සයුර සමරසුන්දර මහතා හරහා ආපසු ලබාදීමට කටයුතුකර ඇත.  එයට අදාලව අවැන් ගාඩ් සබාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ සයුර සමරසුන්දර මහතා අතර සිදුවුණු දුරකථන සංවාදයක් අන්තර්ජාලයට එකතු කර ඇත.


 


 

 

අප මීට ඉහතදී මෙම ගනුදෙනුව පිලිබදව පලකළ පුවත 

ඇමති රාජිතගේ රෙදි ගැලවේ – ඇවන් ගාඩ් ආයතනයෙන් මිලියන 5ක් අරන්

ඇවන් ගාඩ් ව්‍යාපාරයෙන් දිගින් දිගටම අල්ලස් ගෙන ඒ පසුව නොලැබී යාමෙන් ඇවන්ගාඩ් ව්‍යාපාරය නීති විරෝධී බවත් හොර ව්‍යාපාරයක් බවත්. විවිධ ඇමැතිවරුන් අල්ලස් ගෙන තිබෙන බවත් තමාටත් අල්ලස් දීමට පැමිණි බවටත් බොරු බේගල් සමාජය හමුවේ අත හරිමින් සිටි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අද දින අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කිරීම සඳහා එකාබද්ධ විපක්ෂය සූදානම් වේ.

මේ අතර රාජිත සෙනාරත්න මහතා මේ වන විටත් මෙරටින් පලා ගොස් ඇති බව දැන ගන්නට තිබේ.

ඇමැති රාජිත සේනාරත්න ඇවන්ට්ගාඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපතිගෙන් රුපියල් ලක්ෂ 50 ක් ලබා ගත් බව ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම් වරයා වන, රාජිත යටතේ ඇති රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති දොස්තර සයුරු සමරසුන්දර සහ ඇවන්ට් ගාඩ් හිමිකරු සේනාධිපති අතර පැවැති දුරකථන සංවාදයෙන්  හෙලිවේ. එම සංවාදය ලංකාඊනිව්ස් වෙබ් අඩවිය මඟින් ප්‍රසිද්ධ කර තිබේ.

අප වෙත ලැබී තිබෙන තොරතුරු අනුව විටින් විට ලක්ෂ 50 බැගින් කිහිපවතාවක්ම මුදල් ලබා ගෙන තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදි ද ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇත.

රාජිත සේනාරත්න මහතා ඇවන් ගාර්ඩ් ව්‍යාපාරයට එරෙහිව කටයුතු කරන්නේ ඔහු අපෙක්ෂා කළ මුදල් ඒ ආකාරයෙන් නොලැබිම නිසා බව ඇවන්ගාර්ඩ් සභාපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී පැවසීය.

මෙලෙසම චම්පික රණවක ඇමැතිවරයා , අර්ජුන රණතුංග ඇමැතිවරයා තමාට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන්ද කරුණු හෙළිදරව් කරන බවත් ඔහු පවසයි.එමෙන්ම අනුර දිසානායක මහතා ගේ ඇති ව්‍යාපාරික සම්බන්ධතාද ඉදිරියේදී ඔහු විසින් හෙළි කරන බවත් තමන්ගේ ව්‍යාපාරය ඩැහැ ගැනීමට බලන් සිටින ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගත් දේශපාලකයන් විසින් මේවන විට ජනාධිපතිවරයාවත් මේ ප්‍රශ්නය හමුවේ අසරණ කර ඇති බවත් තමාට ඒත්තු යන බවද ඔහු පවසයි.

රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ලේකම් දොස්තර සයුරු සමරසුන්දර මහතා සහ අවන්ගඩ් සබාපතිවරයා අතර සිදුවූ දුරකථන සංවාදය

[mom_video type=”youtube” id=”2BNLKP7Sdgk”]

.

ලබාදුන් මිලියන 5ක චෙක්පත

12234916_410888802445156_6604512464342196896_n

ඇවන් ගාඩ් ආයතනය වෙත රාජිත සේනාරත්න මහතා යොමුකළ ලිපියක්

12208441_410016792532357_666611276417585274_n

Related posts

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday

ගෝඨාභයට එරෙහිව රීට් පෙත්සමක්

colombotoday

අපේ අරමුණ මහින්ද අගමැති කරවීමයි…

colombotoday

හක් බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday