Colombo Today Local News

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

විධායක ජනාධිපති ධූරයේ බලතල අග්‍රාමත්‍යවරයෙකු වෙත පැවරීමෙන් සමස්ත සමාජ සංස්ථාවම බිදවැටිය හැකි බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් ගෙන ඒමට සූදානම් වන බවත්, දෙමළ සන්ධානය, රාජ්‍ය නොවන සංවිධාන, දෙමළ ඩයස්පොරා, බටහිර රාජ්‍යයන් සහ ඒකාබද්ධ විපක්ෂය එකම න්‍යාය පත්‍රයකට පැමිණ තිබෙන බවද හෙතෙම සදහන් කරයි.

දේශපාලන අස්ථාවරභාවයක් පවතින තත්ත්වයක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේන් රටට සිදුවන විනාශය පිළිබදව කතා කිරීමට කිසිදු දේශපාලන පක්ෂය නොමැති තත්ත්වයට පත්ව තිබෙන බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.

ඒකාධිපති ජනාධිපති ධුරයන් බිහිකරගැනීම සදහා ව්‍යවස්ථාවත් වෙනස් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කණ්ඩායමත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ උත්සාහයට සහයොගය දැක්වීම ප්‍රශ්න සහගත බවත්, ඒකාබද්ධ විපක්ෂය තුළ මේ වන විට මතුව තිබෙන අභ්‍යන්තර අර්බුධය විසදීම සදහා මුලු රටම බිල්ලට දීමට සූදානම් එයට එරෙහිව මුළු රටේම ජනතාව නැගී සිටිය යුතු බවද විජේදාස රාජපක්ෂ මහතා කියා සිටී.

Related posts

අමාත්‍යවරුන්ගේ හා රාජ්‍ය නිලධාරින්ගේ ඉන්ධන දීමනාව කපා හැරේ

colombotoday

කෙහෙළිය එළියට

Admin

කොටන තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

සුමන්තිරන්ට පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක් !

colombotoday

50% නැති නිසා රනිල් සජිත්එකතු කිරීමේ උත්සාහයක්

Admin

ආසාදිතයන් ගණන 611 දක්වා ඉහලට

colombotoday