අතුරුදන් වී ඇතැයි සමාජජාලාවලින් රාවයක් පැතිර ගිය මඩකලපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
උන්වහන්සේ එමගින් පවසන්නේ මඩකලපුව පොලීසියේ දීගහවතුර නමැති පොලිස් පරීක්ෂකවරයෙකු විසින් තමන් වහන්සේට දිගින් දිගටම හිරිහැර සිදුකරන බවත් ඔහු විසින් තමන්වහන්සේට නිකරුණේ පැවරූ නඩු හතරක් ලබන 4 වනදා විභාගයට ගැනීමට නියමිත බවයි. ඒ අතරවාරයේ තමන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට ඔහු කුමන්ත්‍රණයක් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් උන්වහන්සේ පවසයි.
සුමනරතන හිමියන් දැක්වූ අදහස් වැඩිදුරටත් පහත පරිදිය.
[fbvideo link=”https://www.facebook.com/venampitiye.sumanarathanathero/videos/2020551014846909/” width=”580″ height=”400″ onlyvideo=”1″]