Colombo Today Local News

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ළඟදීම නඩු පවරන බව අලි සබ්‍රි කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීම අවසාන අදියරේ පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට නුදුරේදීම අධි චෝදනා ගොනු කෙරෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

නීතිපතිවරයා මෑතකදී ජනාධිපතිවරයා හමුවූ බවත් ජනාධිපතිවරයා එහිදී මේ සම්බන්ධයෙන් විමසීම් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විමර්ශනවල ප්‍රගතිය විස්තර කළ බවත් අධිකරණ ඇමතිවරයා කීවේය.

මේ පිළිබඳ විමර්ශන කාර්යක්ෂම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටින බවද අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සියයකට වැඩි පිරිසක් දැනට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මින් පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින අතර තවත් පිරිසක් රැඳවුම් නියෝග යටතේ පොලිසිය භාරයේ පසුවෙති.

Related posts

පෙරටුගාමී ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරුවේ

colombotoday

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල වගකීම භාරගන්නේ කවුද? මුජුබර් රහුමාන් අසයි.

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

හිටපු ජනපති මෛත්‍රී කැබිනට් මණ්ඩලයෙන් හැලේ

colombotoday

මවුස්සාකැලේට කෘතිමව වැසි වැස්සවීම සාර්ථකයි

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : දුරකථන හතරක වාර්තා කැඳවයි

Admin