අක්කරයිපත්තු අන්තවාදි මතවාද දරන වාහාබි පිරිස් සෞදි අරාබි දිනයට අනුකුලව බෙදුම්වාදී ලෙස අද (2) දින රමළාන් වතාවන් සිදුකර තිබෙනවා.
පාස්කු ප්රහාරයෙන් පසු එළිමහන් ස්ථානවල වතාවන් නොකර සිටි වාහාබි අන්තවාදින් මෙවර එළිමහන් ස්ථානවල වතාවත් සිදුකර තිබෙනවා.
අන්තවාදි සංවිධානයන් තහනම් වුවත් ඔවුන්ගේ ක්රියාකාරකම් තහනම් නොවි තිබිම මෙය කදිම නිදසුනකි.
සෞදි දින දර්ශනයට අනුව බෙදුම්වාදී ලෙස අද දින එළිමහන් ස්ථානවල රාමසාන් ආගමික වතාවන් කිසිම බාදාවකින් තොරව වහබ්වදීන් විසින් සිදුකර ඇත.
දේශිය දින දර්ශනයට අනුව රමළාන් ආගමික වතාවන් සිදුකිරීමට නියමිතව ඇත්තේ හෙට (3) දිනයේදීය.
රට තුල ගොඩනැගී ඇති දේශපාලන අස්ථාවරත්වය ප්රයෝජනයට ගනිමින් වහබ්වදීන් මේවනවිට තම කටයුතු රිසිසේ දියත් කරමින් සිටියි.