Colombo Today Local News

සාමාන්‍ය පෙළ සියළුම විෂයන් අසමත් වූ සිසුන්ටත් උසස් පෙළ වරම් !

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වූ සියළුම සිසුන්ටත් උසස් පෙළ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය සමත් වුවත් අසමත් වුවත් කිසිදු දරුවකු අධ්‍යාපන පද්ධතියෙන් ඉවත් නොකරන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඒ අනුව විභාගයෙන් A සාමාර්ථ 9ක් ලබාගත් සිසුන් සේම සියළුම විෂයන් අසමත් වූ සිසුන්ටත් උසස් පෙළ වෘත්තීය අධ්‍යාපනය ලැබීම සඳහා අවකාශ හිමිවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පෙරේදා දිනයේ ප්‍රකාශයට පත් කෙරුණු 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 28.34%ක් උසස් පෙළ සඳහා සුදුසුකම් සැපිරීමට අසමත් වී තිබිණි. එහෙත් වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ එම සිසුන්ට ද උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ලැබේ.

LNW

Related posts

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin

ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි

Admin

දැන් හොදටම ඇති… පුලුවන් කෙනෙකුට නායකත්වය දීල ගෙදර යන්න – බිම් මට්ටමෙන් රනිල්ට එරෙහිව කැරැල්ල ඇරඹේ..

colombotoday

සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන්

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

පාසල් ළමුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ විශ්‍රාමික හමුදා සෙබළා අත්අඩංගුවේ

colombotoday