Colombo Today Local NewsExclusive :extremism & terrorism activities

සාමාන්‍ය පෙළ අටළුගමදී. උසස් පෙළ හින්දු විද්‍යාලයේ. Esoft එකේ HND කරලා. | නවසීලන්ත ප්‍රහාරකයා ගැන සුවිශේෂී තොරතුරු මෙන්න

පසුගිය 3 වනදා නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සුපිරි වෙළඳ සැලක් තුලදී පිහියක් උපයෝගී කරගෙන සිවිල් වැසියන් 6 දෙනෙකුට අන්තවාදී ප්‍රහාරය එල්ල කල අහමඩ් ආදිල් මොහොමඩ් සම්සුදීන් නැමැත්තා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඔහු 1989 වසරේ කාන්තන්කුඩි ප්‍රදේශයේදී උපත ලබා ඇත. ප්‍රථමික අධ්‍යාපනය මඩකලපුව ශාන්ත මෙතෝදිස්ත මාධ්‍ය මහා විද්‍යාලයේදී හදාරා ඇත. පසුව සාමාන්‍ය පෙළ දක්වා බණ්ඩාරගම, අටළුගම අල් ගසාලි විද්‍යාලයෙන් හදාරා ඇති අතර උසස් පෙළ විභාගය සඳහා බම්බලපිටිය හින්දු විද්‍යාලයට ඇතුලත්වී ඇත.

උසස්පෙළ විභාගයට මුහුණදීමෙන් අනතුරුව වැල්ලවත්ත Esoft ආයතනයෙන් HND පාඨමාලාවක් හදාරා 2011 වසරේදී නවසීලන්ත ඕක්ලන්ඩ් තාක්ෂණික විද්‍යාලයට ශිෂ්‍ය වීසා මගින් ඇතුලත් වී ඇත.

facebook ගිණුම් දෙකක් උපයෝගී කරගෙන අන්තවාදී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් නවසීලන්ත පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු 2017 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇති අතර පසුව එම නඩුවෙන් නිදොස්කොට නිදහස් වී ඇත.

Related posts

දේපල හබයක් දුරදිග යයි. | පියා මරුට. දියණියගේ පැමිණිල්ලට පුතා අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ සැර ප්‍රකාශයට කතානායකගෙන් පිළිතුරු ලිපියක්

colombotoday

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Admin

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

colombotoday

කොරෝනා යැයි සැකපිට 23ක් IDH රෝහලේ !

colombotoday

මහින්ද ඇතුළු පවුලේ අයත් ඝාතන ලයිස්තුවේ – අත්අඩංගුවට ගත් ඉන්දියානුවා හෙළි කරයි

colombotoday