Colombo Today Local Newsextremism & terrorism activities

තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.

මෙරට ක්‍රියාත්මක වූ සහ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වූ ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11 ක් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් කිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය විසින් කටයුතු කරන ලදි.

කෙසේ වෙතත් එය සැබෑ තහනමක් ද යන ගැටලුව මේ වන විට ජනතාව හමුවේ ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත. ඒ අදාළ සංවිධානවල කිසිදු නිශ්චල හෝ චංචල දේපලක් තහනම් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙනි. අදාළ සංවිධාන සතු කාර්යාල, පල්ලි, මද්‍රසා කිසිවක් තහනම් කිරීමට රජය කටයුතු කර නැත. මේ වනවිට අදාළ තහනම් සංවිධාන වෙනත් නම්වලින් තම ක්‍රියාකාරකම් දියත් කරමින් සිටියි.

සිලෝන් තවුහිඩ් ජමාත් ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි, බුදුරජාණන් වහන්සේට පවා අපහාස කල අබ්දුල් රාසික් නැමැත්තා මේ වනවිට “මුස්ලිම් වාමාංශික පෙරමුණ” ලෙස තම ක්‍රියාකාරකම් දියත් කරමින් සිටියි. ඒ සඳහා ඔහු සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානය වෙනුවෙන් භාවිතා කල සියලු සම්පත් බාවිතා කරමින් සිටියි.

පසුගිය සතියේ පැවති හජ්ජි උත්සවය වෙනුවෙන් අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නාමය යටතේ ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් සිදුකර ඒ සඳහා තමාගේ Facebook පේජය ඔස්සේ ප්‍රසිද්ධියක් ද ලබා දී ඇත.

සිලෝන් තවුහිඩ් ජමාත් යටතේ දිවයින පුරා පවත්වාගෙන ගිය කාර්යාල, පල්ලි නාම පුවරු පමණක් ඉවත්කර අබ්දුල් රාසික් තවමත් මෙහෙයවමින් සිටියි.

LTTE කොටි ත්‍රස්තවාදී සංවිධානය මෙරට තහනම් කිරීමෙන් පසු රජය එම සංවිධානයට විරුද්ධව ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය ඉස්ලාම් අන්තවාදී සංවිධාන තහනම් කිරීමෙන් පසු ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ජනතාව හමුවේ ප්‍රශ්නයක් ඇත.

Related posts

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීමක්.. ඡන්ද ගණන් කිරීමට බාධා නැති කරන්න වැඩ

colombotoday

විමල්ට ආණ්ඩුවෙන් යන්නැයි කියයි

colombotoday

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

මහනුවර – මාතලේ නාය යාමේ අවදානමක්

Admin