Colombo Today Local News

කොරෝනා නීති කැඩූ කුරුණෑගල මෝටර් රථ දෙපාර්තමේන්තුව

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් කඩවන ආකාරයට කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේදී පවත්වමින් තිබූ රථවාහන ලිඛිත පරීක්ෂණයක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මැදිහත් වීමෙන් අත්හිටවනු ලැබීය.

කිසියම් පුද්ගලයකු කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යාබදව පිහිටි කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය වෙත ගිය නගරාධිපතිවරයා පැමිණිල්ලට අදාළ කරුණු සොයා බලා එම අවස්ථාවේදීම පැවැත්වෙමින් තිබූ විභාගය අත්හිටුවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන සහකාර කොමසාරිස් චන්දිම බණ්ඩාර මහතාට දැනුම් දුන්නේය.

පනවා ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වන ආකාරයට විශාල අපේක්ෂකයන් පිරිසක් යොදවා ලිඛිත විභාගය පවත්වමින් සිටි බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා පැවසීය.

Related posts

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday

ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කිටිමට හොංකොං රාජ්‍යය පියවර ගනී

colombotoday

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday

බෙල්ජියමේ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය ගැන ජනපති සොව පළකරයි

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනය නවතයි

colombotoday

ඇඳිරි නීතිය පැනවෙන වේලාව සංශෝධනය කෙරේ

colombotoday