Colombo Today Local News

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින රාසික් රාසා නැමැත්තා සහරාන් හෂීම්ගේ සොහොයුරාට 2018 වසරේදී යම් පිපිරීමක් අත්හදා බැලීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සැපයූ බවට හෙළිවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම පුද්ගලයා විසින් පුපුරණ ද්‍රව්‍ය සැඟවීමට ද උදව් කර ඇතැයි අනාවරණය වු බවය.

රාසික් රාසා නැමැත්තා කාත්තාන්කුඩි ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

කල්මුණේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි රාසික් රාසා නැමැත්තා අධිකරණ නියෝගය මත අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි අයෙකි.

ඊයේ (29) දිනයේ දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත අදාළ සැකකරු නැවත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ.

2018 වසරේ සිදුවු බවට පැවසෙන පිපිරීමෙන් තුවාල ලබා සිටි මොහොමඩ් රිල්වාන් යන පුද්ගලයා පාස්කු ප්‍රහාරයෙන් පසුව කල්මුණේ සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සිදුකර ගත් පිපිරවීමෙන් ජීවිතක්ෂයට පත්විය.

Related posts

“ජනපති දැන් මොනව කීවත් වැඩක් නෑ… හයිබ්‍රිඩ් යුධ අධිකරණට ආණ්ඩුව ඇමරිකාවට එකග වෙලා ඉවරයි“

colombotoday

තොටිල්ලක ගෙල සිරවී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

Video: එයාට මතක නෑ එයා පිංපොකැට් ජනාධිපති කියලා – මරික්කාර් ජනාධිපතිට පලු යන්න බනියි

colombotoday

චීන එන්නත ලංකාවේ නිෂ්පාදනය කරන්න යයි.

colombotoday

සහල් වෙලදාමෙන් වෙලදුන් ඉවත් වෙති?

Admin

හිටපු අමාත්‍ය පාඨලී අත්අඩංගුවට ගනී

colombotoday