Covid 19

ඊයේ කොරෝනා ආසාදිතයින් 1451 දෙනා වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1466 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් පුද්ගලයින් 15 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතයින් 1451 දෙනා හඳුනා ගෙන ඇත්තේ, දේශීයවයි.

හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 228 කි.

ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 172 ක් ලෙස වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 133 දෙනෙකු සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතියන් 119 දෙනෙකු ද වාර්තාවී ඇත.

අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 104, 952 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 9,209 කි.

ඊයේ (28) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 227 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පුද්ගලිය්න සංඛ්‍යාව ද 95083 ක් දක්වා ඉහළ ගියේ ය.

පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 6 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 661 ක් දක්වා ඉහළ ගියේ ය.

එම මරණ වාර්තා වූයේ, පල්ලේගම, වීරපොකුණ, හාලි ඇල, මාවනැල්ල, නිට්ටඹුව සහ වත්තල ප්‍රදේශවලිනි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 113 ක් තුළ පුද්ගලයින් 11241 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි.

Related posts

PCR පරීක්ෂණයට පැමිණි කල්පිටියේ පුද්ගලයෙක් මියයයි – පෑලියගොඩට මාළු ගෙනා ලොරියක සේවය කරලා

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

කොවිඩ් මාරයාගෙන් ගමක් බේරාගත් පී.එච්.අයි.

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1027ක් දක්වා ඉහළට

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

නාවලපිටිය රෝහලේ පැන්න කොවිඩ් අසාදිතයෙකු අල්ලා ගැනේ. – ගමන් ගත් බස් රථයේ 20 ක් නිරෝධානයට.

colombotoday