World

මොක්සි අඟහරු මත ඔක්සිජන් නිපදවයි

අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම ට කවදා හෝ හැකිවෙතැයි විද්‍යාඥයින් ට ඇත්තේ දැඩි බලාපොරොත්තුවකි.

අඟහරු ග්‍රහයාගේ බහුල වශයෙන් ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුව ය.

අභ්‍යවකාශ විද්‍යාඥයින් ගේ බලාපොරොත්තු සාර්ථක වන බවට සුභ ලකුණක් මේ වනවිට වාර්තා වී තිබේ.

ඒ අමෙරිකාවේ නාසා ආයතනයේ මැදිහත්වීමෙනි.

විදෙස් මාධ්‍ය පැවසුවේ නාසා ආයතනය මගින් අඟහරු ග්‍රහයා වෙත යැවූ පර්සවරන්ස් යානාව මගින් ගෙනගිය උපාංගයක් භාවිතයෙන් මිනිසාට ආශ්වාස කළහැකි ඔක්සිජන් නිපදවා ඇති බවය.

ඔක්සිජන් උත්පාදනය සඳහා මොක්සි නමින් හඳුන්වා ඇති ටෝස්ටරයක් පමණ උපාංගයක් රෝවරය මගින් අඟහරු ග්‍රහයා වෙත ගෙනගොස් තිබුණි.

එම උපාංගය යොදාගෙන ඔක්සිජන් ග්‍රෑම් 5ක් පමණ නිපදවා ඇති. එය අභ්‍යවකාශගාමියෙකුට විනාඩි 5කට ප්‍රමාණවත් වේ.

ඉදිරි අඟහරුතරඟයකදී එවැනි උපාංගයක් භාවිතයෙන් අභ්‍යවකාශගාමියාට අවශ්‍ය ඔක්සිජන් සපයාගත හැකිවෙතැයි නාසා ආයතනය අනුමාන කරයි.

Related posts

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday

පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශන

colombotoday

මෙක්සිකෝවේ නගරාධිපතිවරයෙක් ඇලිසියා ඇඩ්‍රියානා කිඹුලිය සමග විවාහ වෙයි

Admin

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday