Colombo Today Local News

කුඩු ලාල්-රූබන්-නිපුණ- ඊයේ ඇල්ලු ‘අයිස්’ කිලෝ 125ක හිමිකරුවන්ගේ වතගොත වමාරි.

සපුගස්කන්ද ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 ක් සොයාගැනීමට ඊයේ (12)දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් විය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (12)දින සපුගස්කන්ද මාබිම රජ්ගහවත්ත ප්‍රදේශයේ නිවෙසක් සෝදිසියට ලක් කරනු ලැබිය.

එම නිවෙස සෝදිසි කිරීමේදී එම නිවෙස තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකි විය.

එම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 91ක අසුරා තිබුණු අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 110ක් එහි අඩංගු වී තිබුණ බවයි වාර්තා වන්නේ.

එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 110කට වඩා අධික වේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කරන ලද මෙම විමර්ශනයේදී අනාවරණය වූයේ එම නිවෙස යුවළක් විසින් කුලී පදනම මත ලබාගෙන තිබූ එකක් බවයි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වත්තලදී අත්අඩංගුවට ගත් මාබෝල ප්‍රදේශයේ පදිංචිකරුවකුගෙන් හා වනවාසල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම් හා තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රම උපයෝගී කර කරන ලද විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් වසමේ රජ්ගහවත්ත ප්‍රදේශයේ මෙම මත්ද්‍රව්‍ය ගබඩාව සොයා ගැනීමට හැකි වී තිබේ.

උත්සව සමයේදී බෙදාහැරීමට හා විකිණීම සඳහා මෙරටට ගෙන්වා තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 125ක් බස්නාහිර පළාතේ ප්‍රදේශ තුනකදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මේ වනවිට හැකිවී තිබේ.

දින තුනක් තුළ කරන ලද සුවිශේෂ වැටලීමක් තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමට හැකිවූ අතර මත්ද්‍රව්‍ය සමඟ 12 දෙනකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම 12දෙනා අතර කාන්තාවන් දෙදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයන් හය දෙනා අතර එකම පවුලේ සාමාජිකයන් හතර දෙනෙක්ද සිටි අතර මොවුන් අත්අඩංගුවට ගැනුණේ පසුගිය11 වැනිදාය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මීට මාස කිහිපයකට කලින් අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත.

ඒ අනුව දීර්ඝකාලීනව කළ විමර්ශනයක ප්‍රතිඵලයක් මත ඉකුත් 10 වැනිදා වත්තල ප්‍රදේශයේදී එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට හැකි වුනේ අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබු හෙරොයින් ග්‍රෑම් 102ක් හා අයිස් ග්‍රෑම් 113ක් සමඟයි.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මෙම පුද්ගලයාට මත්ද්‍රව්‍ය ලබාදෙන ස්ථානයක් පිළිබඳ තොරතුරු හෙළිකර ගත් පසු ජාඇළ නිවන්දම ප්‍රදේශයේ නිවෙසකට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට එම නිවෙසේ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි විය.

එහිදී පාර්සල් 13ක අසුරා තිබු අයිස් කිලෝ 15ක් සොයාගත් අතර එම අයිස් තොගයේ වටිනාකම රුපියල් කෝටි 15කට ආසන්නයි.

මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ පුද්ගලයන් දෙදෙනකුද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.

මොවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තවත් මත්ද්‍රව්‍ය තොගයක තොරතුරු හෙළි කර ගත් පසුයි ඊයේ (12) දිනයේ වැටලීම සිදු කරන ලදී.

වැඩිදුරටත් කරන ලද විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ඒම මෙහෙයවා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නිපුණ නමැත්තකු විසින් බවයි.

එමෙන්ම මෙම තොගය මෙරටට ගෙන ඒම සංවිධානය කර ඇත්තේ මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට විදේශගතව සිටින රූබන් හා ලාල් නමැත්තන් විසින් බවය.

මෙම දෙදෙනාගේ සංවිධානය මත මෙම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට එවා තිබේ.

මෙම මත්ද්‍රව්‍ය හමුවීමත් සමඟ මෙම මත්ද්‍රව්‍ය ජාලය පිටුපස සිටින පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 10 දෙනාගෙන් හා සැකකාරියන් දෙදෙනාගෙන් මේ වන විටත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

Admin

සිංහයන් වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම කළ දේට ලොව වටින් උණුසුම් ප්‍රතිචාර (VIDEO)

colombotoday

දේශපාලකයෙකුගේ බිරිඳකට අලෙවිසැලක් තුළදී පිහියෙන් අනී

Admin

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday