Colombo Today Local News

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනයෙහි ව්‍යාපාර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2021 අප්‍රේල් මස 12 වන දින ප.ව. 5.00 සිට බලපැවැත්වෙන පරිදි එම ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවා ඇත.

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතු කොටගෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2020 ජුලි 13 වන දින සිට ස්වර්ණමහල් ෆයිනෑන්ෂිල් සර්විසස් පීඑල්සී සහ එහි මව් සමාගම වන, ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවනු ලැබීය.

එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම 2021 ජනවාරි 12 වන දින දක්වා බල පැවැත්වුණි. 

ව්‍යාපාර කටයුතු අත්හිටවූ මාස හයක (06) කාල සීමාව නිමවන විටද, ප්‍රාග්ධන යෙදවීමක් මඟින් ආයතනය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් වීමක් නොවූ අතර, ආයතනයෙහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්ව ඇතැයි ද මහ බැංකුව සඳහන් කරයි.

Related posts

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමක්.. එස්.ටී.එෆ්. සෙබළෙක් මරුට

colombotoday

කෝප් කමිටු වාර්තාව එයි.. බැදුම්කර හොරු තීන්දුයි !

colombotoday

තමන්ට එරෙහි විමර්ශනය බලරහිත කරන්නැයි ඉල්ලා වෛද්‍ය සාපි සහබ්ඩීන් අභියාචනාධිකරණයට.

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ කෑම වේලක මිල රු. 296යි – කථානායක දැනුම් දෙයි

colombotoday

හඬ අනුව පාර්ලිමේන්තුවේ තීරණ නොගන්න – විමල් මුල් දවසේම අලුත් කතානායකට දන්වයි

colombotoday

අපේ එකම රට ආරක්ෂා කරගන්න ඥානසාර හිමියන්ට මල්වත්තෙන් ආශීර්වාද.

colombotoday