Colombo Today Local News

ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් සොයන්න ඩ්‍රෝනා යානා යොදවයි

ගණ වනාන්තර මැද හොර රහසේ කෙරෙන දැව ජාවාරම් හා ගංගා ආශ්‍රිතව කෙරෙන වැලි ජාවාරම් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා ඩ්‍රෝන යානා විස්සකට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙයට අමතරව නිරීක්ෂණ ගුවන් යානා කීපයක් ද මේ කටයුතු සඳහා යොදවා ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

විශේෂයෙන් ගණ වනාන්තර මැද හොර රහසේ සිදු කෙරෙන දැව ජාවාරම් අල්ලාගෙන එම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුනට සහ පොලිස්පතිවරයාට පසුගිය දා උපදෙස් දී ඇති අතර ඉහත ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ඒ අනුවය.

වනාන්තර මැද සිදු කෙරෙන දැව හෙළීම් පිළිබඳව යුද හමුදාව ප්‍රධාන ත්‍රිවිද හමුදා නිලධාරීන් විසින් සොයාගනු ලැබීමෙන් පසුව පොලිසිය සමග ඒකාබද්ධවී ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන බව යුද හමුදා මූලස්ථානය පවසයි.

Related posts

තලාවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස්කරන ස්ථානයක් STF වටලයි

colombotoday

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

colombotoday

නීතිපති සිය ධූර කාලය තුළ අපරාධ නඩු 27,206ක කටයුතු නිමකරයි

colombotoday