Colombo Today Local News

රණවිරු පවුල්වලට කිසිවක් ලැබී නෑ – “ඒකාබද්ධ විපක්‍ෂයේ වැටුප රණවිරුවන්ට” මාධ්‍ය සංදර්ශනයක්ම පමණද?

ranaviruඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුප අත්අඩංගුවේ සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයන්ගේ පවුල්වල සුබසාදනය සදහා ලබාදෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය කලත් මේ වනතුරුත් කිසිවක් නොලැබුණු බව ColomboToday.com සිදුකල විමසීමකදී රණවිරු ඥාතීන් අප සමග ප්‍රකාශ කර සිටියා.

ඒකාබද්ද විපක්‍ෂයේ මෙම ප්‍රකාශය තවත් එක් මාධ්‍ය සංදර්ශනයක් බවට පමණක්ම පත්වීමට ඉඩ නොදී ප්‍රකාශ කළ පරිදිම රණවිරු සුබසාධනය සදහා ඉතා නුදුරේදීම එම මන්ත්‍රීවරුන් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තුවන අතර මේ පිලිබදව විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාව සම්බන්ද කර ගැනීමට අප දැරූ උත්සාහය සාර්ථක වුයේ නැත.

රටට නිදහස ලබාදීම සදහා අතිවිශාල කැපවීමක් සිදුකල මෙම රණවිරුවන්ට වැටුප් ලබාදීමද මීට මාස කිහිපයකට ඉහතදී යුද හමුදාව විසින් නවතා දමා තිබුනා. යුද හමුදාවෙන් ලැබුණු වැටුපෙන් ජීවත්වුණු තම පවුල්වලට අද සිදුවී ඇති තත්වය පිලිබදව දුක්බර ලෙස අප හිතවත් මාධ්‍යවේදියෙකුට ඔවුන් මීට දින කිහිපයකට පෙර අදහස් දක්වා තිබුනේ මාධ්‍ය සගයාගේ දෙනෙත් කදුලින් තෙත් කරවමින්.

ජීවිත ආශාව අතහැර මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි කැපකර අද සිරගතව සුසුම් හෙළන ඒ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම එක්තරා පිරිසකට පමණක් පැවරුණු වගකීමක් නොව අද නිදහසේ මේ බිමේ ඇවිද යන නිදහසේ හුස්ම ගන්නා කෙළෙහිගුණ දත් සෑම පුරවැසියෙකුගේම වගකීම වන බවද මතක් කර සිටින්නෙමු.

සිරගතකළ රටට නිදහස් දුන් රණවිරුවෝ කියන අනුවේදනීය කතාව

Related posts

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday

“බෙල්ල මිරිකා දැමීමට නොහැකි වීම ගැන මට සමාවෙයන්.” – එච් එම් ජයවර්ධන සහ කසුන් කල්හාර ගැන සන්නස්ගල කතා කරයි

colombotoday

වෛද්‍ය පාදෙණිය 8වන වරටත් නිතරගයෙන් GMOA මුල් පුටුවට…

colombotoday

කොටි මිනීමරුවන් 74ක්‌ බේරාගැනීමට 39 වැනි ජිනීවා සැසිවාරයට බොරු වාර්තා…

colombotoday

පොලිස් ලොක්කෙක් සහය දුන් රාජගිරියේ වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක්

Admin

මාර්ග අධිකාරියට උපදේශකයෝ 45ක්.. පක්ෂෙට වැඩ කරපු නිසා තනතුරු දුන්නා – ඇමති කිරිඇල්ල

colombotoday