Colombo Today Local News

ජා ඇලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් සමග 06ක් අත්අඩංගුවේ

ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 13ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (11)දින සිදුකළ මෙහෙයුමකින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ සැකකරුවන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ රඳවා තබා ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

හෙරොයින් සම්බන්ධයෙන් වැටලීම් වැඩි කිරීමත් සමඟ ජාවාරම්කරුවන් අයිස් වැනි මත්ද්‍රව්‍ය මෙරට තුළට රැගෙන ඒමේ දැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

මලික්ටත් ගුටි…

colombotoday

සජිත් පරාජය කළේ අපේම පිරිසක්… තවත් අගමැතිකම් කරන්න රනිල්ට සදාචාරාත්මක අයිතියක් නෑ – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday

අද කොවිඩ් එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

කොළඹ, ගම්පහ බාර් විවෘත නොකිරීමට එරෙහිව තැබෑරුම්කරුවන්ගෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට එන්තරවාසියක්

colombotoday

ගාල්ලේ ජනපති ශිෂ්‍යත්වය “සුළඟ” කඩා කප්පල් කරයි

Admin

උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15,000කට පෝෂණ ප්‍රතිකාර අරඹයි

Admin