Colombo Today Local News

බඹරු ඇන දෙමෝදර විදුහලක සිසුන් 8ක් රෝහලේ

බඹරු ඇනීමෙන් දෙමෝදර විදුහලක සිසුන් අටදෙනකු අද (9)දින දහවල් දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.

එම විදුහලේ 1 වැනි ශ්‍රේණිය ළමුන් දෙදෙනකු , 2 වැනි ශ්‍රේණිය ළමුන් දෙදෙනකු සහ 7 වැනි ශ්‍රේණිය ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු මෙලෙස රෝහල්ගත කර ඇතැයි රෝහල් ප්‍රකාශයකු කීය.

සිසුන් විදුහලේ නව විදුහල් ගොඩනැගිල්ල අසල සිටියදී ඒ අසල තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙම අනතුරු සිදු වී තිබේ.

මෙම සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිදුවීම පිළිබඳව ඇල්ල පොලිසිය පරික්ෂණ පවත්වති.

Related posts

ඊයේ රෑ බොදු බලේ දිලන්තගේ නිවසට නාදුනන පුද්ගලයන් – ජිවිත හානි කිරීමට පැමිණියාදැයි සැකයක්

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday

හෙට දීප ව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

colombotoday

සැකකරුවන් පිරිසකට පොලිසියේදීම තග දමා අධිකරණයෙන් කට්ටි පැන්න රාජිතගේ පුතුට ඇප!

colombotoday

බුදු පිළිම කැඩූ මුස්ලිම් අන්තවාදීන් බෝම්බ හැදුවේ දළදා මාළිගාවට පහරදීමටද?

colombotoday

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

colombotoday